IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


ලක්ෂයකට අධික බෝම්බ ගණනක් විනාශ කෙරේ

 
(මනුල වික්‍රම)
 
උතුරු පළාතේ වර්ග 11,406,267 කින් පුද්ගල නාශක බිම්බෝම්බ 80,744ක්, වාහන නාශක බෝම්බ 184ක්, පුපුරා නොගිය තවත් බෝම්බ 22,239ක් හා  සුළු අවි පතොරම් 115,702ක් ගොඩගෙන විනාශ කළ බව බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරත ඩෑෂ් ආයතනය(සමාජයීය සහයෝගිතාව පතුරුවාලීම සඳහා සහයෝගය දැක්වීමේ ආයතනය) පවසයි. 
 
මෙම බෝම්බ ප්‍රමාණය ඉවත් කර ඇත්තේ වසර 9ක කාලයක් තුළදීය.
 
උතුරේ ජනතාව නැවත පදිංචි කිරීම හා සංවර්ධන කටයුතු ඉලක්කගත අයුරින් ඉටු කිරීම සඳහා බිම්බෝම්බ ඉවත් කිරීමේ ක්‍රියාවලියේ නිරත එකම දේශීය රාජ්‍ය නොවන ආයතනය වන්නේ ඩෑෂ් ආයතනයයි. එම ආයතනය 2010 වසරේ සිට යුද ගැටුම් ඇති වූ ප්‍රධාන පෙළේ ස්ථාන රාශියක බිම්බෝම්බ ඉවත් කිරීමෙහි නිරතව සිටී.
 
මෙම බිම්බෝම්බ ඉවත්කිරීමේ කාර්යයන් වසර 2020දී අවසන් කිරීමට නියමිතය.
 
ඩෑෂ් සමාගමට අමතරව මැග්, හෙලෝ ට්‍රස්ට් සහ ෂාප් යන රාජ්‍ය නොවන ආයතන ද ශ්‍රී ලංකා යුධ හමුදාව ද දැනට උතුරේ බ්ම්බෝම්බ ඉවත් කිරීමේ කාර්යයේ නිරතව සිටී.
 
උතුරේ පුනරුත්ථාපනය කරන ලද තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් සේවය සඳහා යොදාගනිමින් ක්‍රියාත්මක ඩෑෂ් ආයතනය මේ වන විට වර්ග මීටර් 11,406,267 ක් හෙවත් වර්ග කිලෝමීටර 11කට අධික ප්‍රමාණයක බිම් බෝම්බ ඉවත් කර  ඇත. 
 
මුලතිව්, කිලිනොච්චිය, යාපනය හා වවුනියා දිස්ත්‍රික්කවලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඩෑෂ් ආයතනය මගින් බම් බෝම්බ ඉවත් කරනු ඇත. එම ආයතනය ඉකුත් 24 වැනිදා වන විට මෙම බෝම්බ සංඛ්‍යාව ගොඩ ගෙන විනාශ කර ඇති බව එම සංවිධානයේ මෙහෙයුම් කළමනාකාර හිටපු යුධ හමුදා මේජර් සුනිල් ආරියසේන මහතා පවසයි. 
 
අලිමංකඩ ලුණු ලේවාය, මුහමලේ  බටහිර නිවාස වැඩසටහන්, පුදුමාතලන් ජල යෝජනාක්‍රමය ඇතුළු නැවත පදිංචි ස්ථාන රැසක සංවර්ධන කටයුතු ආරම්භ කර ඇත්තේ මෙම ආයතනය මගින් බිම් බෝම්බ ඉවත් කිරීම් නිසියාකාරව නිමාකිරීමෙන් පසුවය. 
 
සියලු ඉඩම්වල බිම් බෝම්බ ඉවත් කිරීම් නිමා කිරීම සඳහා ඇති රජයේ සැලැස්ම ප්‍රකාරව මේ වන විට කටයුතු සිදුවන බව ද ඒ මහතා  සඳහන් කරයි.
 
රජයේ ප්‍රමුඛතාවට අනුව සංවර්ධන  හා පුනරුත්ථාපන කටයුතු සඳහා අවශ්‍ය  ඉඩම් කඩිනම්න් ලබාදීමටත් ප්‍රවේශමෙන් සහ සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් හැකි වූ බව ආරියසේන මහතා වැඩිදුරටත් කීය.
 
බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සඳහා ඩෑෂ් ආයතනය බඳවාගෙන සිටින සේවකයින් 350 දෙනාගෙන් 90%ක් පමණ පිරිස පුනරුත්ථාපනය වූ එම ප්‍රදේශයේම තරුණ තරුණියන් වීම ද විශේෂත්වයකි. යුධ සමයේ දී විවිධ ආකාරයෙන් සැමියන් අහිමි වූ තරුණ වැන්දඹු කාන්තාවන් ඇතුළු තරුණියන් බොහෝ දෙනෙක් මෙම සේවාවට එක්වසිටිති. තමන් මෙම වැඩසටහනට එක්ව ජීවනෝපාය සලසා ගැනීමෙන් මහත් අස්වැසිල්ලක් ලබන බව එම කාන්තාවෝ පවසති.
 
 
 
 
 
 
 
 
 
 



අදහස් (4)

ලක්ෂයකට අධික බෝම්බ ගණනක් විනාශ කෙරේ

Bamunuarachchi Tuesday, 26 March 2019 09:18 AM

වලලපු අයටම සොයාගන්න ඉඩහැරියානම් තමයි හොඳ. අපි මොන එහෙකට මහන්සි උනාද?

:       0       15

Sapumal. Tuesday, 26 March 2019 01:54 PM

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්තුමිය වෙත, මේ බෝම්බ ලොරිගණන් වල දැමූයේ ඔබතුමිය විසින් මානව හිමිකම් ලබාදීමට වෙර දරන කොටි හැතිකරය විසින්ම බව මෙසේ නැවත මතක්කර සිටිමු...

:       0       68

Bamunuarachchi Wednesday, 27 March 2019 01:41 AM

මෙහෙමත් තිබුණ රටකද මේ අය ත්‍රස්ත මර්දන පනත නැතිකරන්න හදන්නේ. මූනම් ලෝකෙට පහළවෙච්ච නිවටම නායක.

:       0       11

Bamunuarachchi Thursday, 28 March 2019 12:49 AM

සුළු අවි පතුරොම් බිම්බෝම්බ විනාස කරන්නේ ඇයි? වැඩිකල් නොගොස් අපිට මේවා උවමනා කරනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මට කිසිවක් ඇහෙන්නේ නැතිව ගියා - අල්කා යාග්නික්
2024 ජුනි මස 19 397 0

බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


පේරාදෙණිය සරසවියේ අනධ්‍යන සේවකයින් සත්‍යග්‍රහයක
2024 ජුනි මස 19 114 1

දැනට දින 50කට ආසන්න කාලයක සිට වැඩ වර්ජනයක නිරතව සිටින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අනධ්‍යයන සේවකයන් ගලහ මංසන්ධියේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කොට තිබේ .


බටහිර රටවල් කනස්සල්ලෙන්
2024 ජුනි මස 19 555 0

යුක්රේන යුද්ධයේ දී රුසියාවට පූර්ණ සහාය ලබා දෙන බව, උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරටට පැමිණි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට පවසා ඇත. මෙය ඇමෙර


ණය දුන් රටවල් සමග ගිවිසුමක්
2024 ජුනි මස 19 426 2

ශ්‍රී ලංකාවට ණය ලබාදුන් රටවල් සමඟ ඉදිරි සති කිහිපය තුළ ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


පසු අස්වනු හානිය සියයට 25කින් පහලට
2024 ජුනි මස 19 131 0

එළවළු හා පළතුරු පසු අස්වනු හානිය සියයට 25 දක්වා අඩුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.


මුද්දරයක අවම මිල 100 වෙයි
2024 ජුනි මස 19 1142 3

තැපැල් මුද්දරයක අවම මිල රුපියල් සියය දක්වා ඉහල දැමීමට අනුමැතිය ඉතා මෑතකදී ම ලැබෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට මහතා පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1348 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3073 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2514 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site