( ටී.කේ.ජී.කපිල )
කොරෝනා වසංගත රෝග තත්වය නිසා ඉන්දියාවට යෑමට නොහැකිව ශ්‍රී ලංකාව තුළ රැදී සිටි ඉන්දීය ජාතිකයන් 170 ක් යළි ඉන්දියාවට රැගෙන යෑමට ඉන්දීය ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයක් අද 29 දින උදෑසන මුම්බායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
ඉන්දීය ගුවන් සේවයට අයත් ඒ.අයි.- 275 දරන මෙම විශේෂ ගුවන් යානය අද 29 දින උදෑසන 10.45 ට ඉන්දියාවේ මුම්බායි නුවර සිට මගීන් නොමැතිව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම මගීන් ගුවන් යානය තුළ ව්‍යාපාරික පංතියේ ආසන 12 ක ද , පිරිමැසුම්දායක පංතියේ 161 ක් සහ කුඩා ළමුන් 03 ක් අසුන් ගෙන තිබූ අතර මෙම පිරිස මෙම කොරෝනා වසංගත රෝග තත්වය ශ්‍රී ලංකාව තුළ පැතිර යෑමට පෙර , ශ්‍රී ලංකාවේ සංචාරය සදහා පැමිණ සිටි පිරිසකි.
පසුව මෙම ගුවන් මගීන් පිරිස රැගෙන අද 29 දින දහවල් 12.10 ට මෙම ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි.276 දරන විශේෂ යානය කටුනායක ගුවන් තොටුපළෙන් , ඉන්දියාවේ මුම්බායි නුවර බලා පිටත්ව ගියේය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd