( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාවේ සිට චීනය වෙත ධීවර නිෂ්පාදන යවන අපනයනකරුවන් විසින් ලබන ජූලි මස 1 වැනි දින සිට අළුත් කරන ලද චීන සෞඛ්‍ය සහතිකය ඔවුන්ගේ නිෂ්පාදන සමඟ චීන රේගුව වෙත ඉදිරිපත් කළ යුතු බව චීනයේ බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සියලුම සැකසූ ධීවර නිෂ්පාදන අපනයනකරුවන් හට පැරණි සහතිකය වෙනුවට මෙම යාවත්කාලීන කරන ලද සහතිකය භාවිත කිරීම අවශ්‍ය වන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
ලාංකික අපනයනකරුවන් සදහා එම නව සහතිකයේ පිටපත් 120 ක් චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය වෙත සාම්පල ලෙස කඩිනමින් ලබා දිමට බීජිං හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කටයුතු කරන බව එම තානාපති කාර්යාලය කියා සිටී.
චීනයට ධීවර නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වන සෞඛ්‍ය සහතිකය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය විසින් ඉකුත්දා අනුමත කළේය.
එමඟින් අනුමත ධීවර හා ජලජ නිෂ්පාදන මෙම ලාභදායී වෙළඳපොළට ඇතුළු වීමට හැකි වන අතර, ශ්‍රී ලාංකික ව්‍යාපාර ද තම නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා දිරි ගන්වනු ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ වාණිජ අංශය චීන රේගුවේ සාමාන්‍ය පරිපාලන අංශය සමඟ සමීපව කටයුතු කරමින්, ශ්‍රී ලංකාවේ මත්ස්‍ය අපනයනය වේගයෙන් වර්ධනය වෙමින් පවතින චීන වෙළඳපොළට පිවිසීමට සහාය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනය මත්ස්‍ය අපනයනය බලපත්‍ර අවලංගු කළා කියන එකනේ ඔය කියන්නේ...!!!
දැන් අපි කන, බොන, අදහන ආගම වගේ හැමදේටම, චීනෙට ඕන විදියට, අලුත් ක්‍රමවේද එයි.
හදිසියේම සෞඛ්‍ය සහතිකය යාවත්කාලීන කරන්නට හිතුනේ නැව ගිලීමෙන් සාගර පරිසරයට සිදුවූ හානිය නිසාද?
හම්බන්තොට, තංගල්ල, මැදමූලන පැත්ත, චීන අවජාතකයින්ගේ පැත්තක් බව හොඳින්ම දැන් ඔප්පුවෙලා අවසන්...