(ආරියරත්න රණබාහු)
වාර්තමානයේ මේ රටෙහි ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායානුකූල ආණ්ඩුක්‍රමයක් නොව 78 ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා සකස් කළ විධායක ජනාධිපති ව්‍යවස්ථාවක් යැයි රාජ්‍ය පරිපාලන ස්දේශ කටයුතු සහ අධිකරණ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා කොළඹ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අද (21) පැවැති මාධ්‍ය හමුවේදී ඒ බව පැවැසු ඇමතිවරයා මෙසේද කීය.
‘‘බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය ආරක්ෂා කිරීමට එක්සත් ජාතික පක්ෂය බැඳි සිටින බව හිටපු සභානායකවරයෙකු වන ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කර තිබුණා.
බලතල සඳහා ව්‍යවස්ථාවේ හත්වන වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බහුතර බලයකින් අගමැතිවරයා පත්කරගත යුතු බවත් ඔහු සඳහන් කර තිබෙනවා.
මා එතුමාටත් එතුමාගේ අදහස් දරන අනෙකුත් අයටත් කියන්න කැමතියි එතුමන්ලාගේම එක්සත් ජාතික පක්ෂයේ හිටපු නායකයකු වන ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමාත් 1977 බලයට පත්වීමෙන් පසු 1978 දී ශ්‍රීලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් අලුතින් ව්‍යවස්ථාවක් සකස් කළා.
එම ව්‍යවස්ථාව මේ වන විට 19 වන වතාවටත් සංශෝධනයට ලක්වී තිබෙනවා. නමුත් අපේ රටේ මූලික නීතිය හැටියට ක්‍රියාත්මක වන්නේ එම ව්‍යවස්ථාවයි. එය හැදුවේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමෙනුයි‘‘.
COMMENTS
ඡන්දයක් තියලා බලන්නකෝ
නමුත් දැන් සංශෝධනය වෙලානේ.. ඉතින් ඔච්චර කියවන්න ඕනෙද? ඔබලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා. දිව්රුම් දී තිබෙන නිසා අනුමත සංශෝධනයට එරෙහිව කටයුතු කිරීම බන්ධනාගාර ගත වෙන වරදක්...
අපි මොඩයෝ නෙමෙයි..
ඔව් , ඒක හරියට කියවන්න, දැන දැන බොරු කරලා දැන් ත්‍රස්තවාදීන් වෙලා ඉවරයි . දඩුවම් ලැබිය යුතු වරදක් .
මේ මනුස්සය කියන්නෙම බොරු, වංචාවෙන් බලයේ ඉන්න කියන කතා අහනකොටත් අප්පිරියයි
කෙලින්නේ නැතුව ඉන්න! ඒක ජනාධ්පති ව්‍යවස්තාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!
බොරු කියන්නේ නැතුව ඉන්න! ඒක ජනාධිපති ව්‍යවස්තාවක් නෙවෙයි, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්!
ඔව් ඔව් මොන මොනවා හරි කියන්න ඔන්න ඔහොම නැත්නම් පොහොට්ටු සභාපති එයාගේ නීති දැනුම විතරක් පෙන්නන්න හදයි.