(තරිඳු ජයවර්ධන)
ඩුබායිහි දී අත්අඩංගුවට පත් ප්‍රසිද්ධ ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා යන දෙදෙනා ඇතුළු 15ක පමණ පිරිසක් ලබන 27 වැනි දා වන විට මුදා හරිනු ඇතැයි ඩුබායිහි ආරංචි මාර්ග කියයි.
ඇතැම් විට මහාධිකරණයට ඉදිරිපත් නොකරම මුදා හැරීමට වැඩි ඉඩක් ඇතැයි ද, යම් හෙයකින් මහාධිකරණයට ඉදිරිපත් කළහොත් අමල් පෙරේරා සහ නදීමාල් යන දෙදෙනාගේ ඩුබායි ගමන් තහනම් නොකරන ලෙස ඉල්ලීමක් කිරීමට එරට නීතීඥවරුන් කිහිප දෙනෙකු පත් කර ඇතැයි ද නීතීඥ උදුල් පේමරත්න මහතා පැවසීය.
නීතීඥ උදුල් පේමරත්න මහතා ඊයේ සහ අද දිනයේ මේ සම්බන්ධයෙන් පොලිසිය සහ අමල් පෙරේරා සමඟ සාකච්ඡා කර තිබේ.
ගායක අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා යන දෙදෙනා සම්බන්ධයෙන් මීට පෙර මෙවැනි චෝදනා එල්ල වී නැති නිසාත්, ඔවුන් ඩුබායි වෙත පැමිණියේ ගායකයන් ලෙස බවට ඩුබායි පොලිසිය පිළිගැනීම නිසාත් ඔවුන්ට දඩයක් වැනි ලිහින් දඬුවමක් ලැබෙනු ඇතැයි ආරංචි මාර්ග කියයි.
මේ අතර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතා හා අමල් පෙරේරා මහතා අතර සම්බන්ධයක් ඇතැයි පැතිර යන කතාවල සත්‍යතාවක් නැති බව අමල් පෙරේරා ප්‍රකාශ කළේ යැයි නීතීඥ උදුල් පේමරත්න මහතා කීවේය. මිතුරකුගේ කටයුත්තකට කාර්යාලයට ගොස් මීට වසර තුනකට පමන පෙර නියෝජ්‍ය පොලිස්පතිවරයා හමුවී ඇති බව හා ඉන් පසු කිසිම සම්බන්ධයක් නොතිබුණු බව අමල් පෙරේරා ප්‍රකාශ කළේයැයි ද නීතීඥවරයා සඳහන් කළේය. අමල් පෙරේරා ලංකාවට පැමිණි පසු විශේෂ හෙළිදරව්වක් කරනු ඇති බව ද ඔහු කීවේය.
COMMENTS
සිංදු කියන්න ගියා නම් රුධිර සාම්පලයේ කොකේන් තියෙන්නේ කොහොමද? පුතාගේ විතරයි කොකේන් නැත්තේ... නිකන් හෑලි කියවන්න එපා...
මට්ටු වුණහමද කට්ටියට හෙළිදරව් කරන්න මතක් වෙන්නේ?
එහෙන් බේරිලා ආවත් හරිනම් ලංකාවේ ගුවන්තොටුපලේදී මොහු අත්අඩංගුවට ගත යුතුය. මොහු මිනීමැරීමට සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අනුබල දෙන බවට සාධාරණ සැකයක් තිබෙනවා. මදුෂ් කියන්නේ ලංකාවේ අධිකරණයට අවශ්‍ය දරුණු අපරාධකාරයෙක් වග හොඳින් දැනගෙන ඔහුගේ උත්සවවල සිංදු කීමටත්, ඔහු සමග ගනුදෙනු කිරීමත් විශාල වරදක්... මේ වගේ කලාකාරයින් තමයි ලංකාවේ කලාව කන අය..
ඔය හෙළිදරව්වෙන් යම්යම් අයගේ සායම හේදෙන හැඩයි.
මොකක් වුනත් දැන් මෙහෙම නේ, කොයි වර්ගයේ වුණත් සුනඛයින් එක්ක නිදා ගත්තාම නැගිටින්න වෙන්නේ බලු මැක්කොත් එක්ක නේ...
අපරාදේ මිනිසුන්ගේ කාලය නාස්ති කරන්න එපා.. බොරු කප්පරක් කියලා..
මොනවද ඉතින් බණ්ඩා රාළහාමි රැවුල කරකව කරකවා නෙලපු හැටි කියයි.. කුඩු තියෙන තැන් කියනකල්.
දැන් ඉතින් ලෝකෙටම හෙළිදරව්වෙලා ඉවරයිනේ...
අමල්ගේ වැඩවලට ඩුබායි ගියේ උදුල් නෙවෙයි ශාබ්ධිකයි. උදුල් කාගේ හෝ වුවමනාවකට රහසිගත මෙහෙයුමකට ගිය එක මාධ්‍ය මගින් ප්‍රචාරය වුණු නිසා දැන් අමල්ගේ නම විකුණා කුණු සෝදාගන්නවා. කෙසේ වෙතත් කුඩු වෙළඳාම්වලට සම්බන්ධ කවුරුත් එල්ලා මරන්න ඕනේ. එ්කේ දෙකක් නැහැ...
වෙන දේ බලා ගෙන ඉන්න තමයි තියෙන්නේ
ඔන්න ඕකයි තත්වේ..
හිටපු ස්ථානයේ පරිසරය අනුව... කලාවට බර කෙනෙක්ද ..? කලාබරයෙක්ද? කියා තීරණය වී ඇත .
උද්ඝෝෂණ, පෙළපාලි කරකර හිටපු වැදගැම්මකට ඇති කිසිම නඩුවක් නැති උදුලුත් දොදොල් වෙන්න වගේ ලැහැත්තිය!
මාකඳුරේ මධුෂ් මේ රටේ මිනීමැරුම් වලට වගකියයුතු, මත්කුඩු ජාවාරම් කල අපරාධකරුවෙක් බව මේ රටේ කුඩා දරුවාගේ පටන් මහල්ලා දක්වා දැනසිටි දෙයක්. මේ බව දැන දැනත් මුදල් වෙනුවෙන් හෝ වෙනත් වරදාන වරප්‍රසාද වෙනුවෙන් මෙවැනි අපරාධකරුවෙක් සමග සම්බන්ධතා පැවැත්වීම මොහුගේ මැරකම්වලින් මියගිය සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ටත්, මත් කුඩු නිසා ජීවිත විනාශ කරගත් තරුණ තරුණියන්ට, මෙන්ම ඔවුන්ගේ පවුල්වල අයටත් ඔබලා කර ඇත්තේ බලවත් වරදක්... ඒ වගේම ලංකාවේ නීතියටද එය එරෙහි වීමක් බව මගේ හැඟීමයි. ඒ වගේම මොවුන් වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන ඔවුන්ගේ මිතුරන් වගේම ඔවුන් වෙනුවෙන් කඩේ යන මේ රටේ මිනිසුන්ද කරන්නේ වරදක්. අමල් ඔබ කොතරම් හොඳ කලාකරුවෙක් වුනත් අපිට කම් නැත. ඔබ වැනි අපතයින්ගේ කලාවෙන් අපට වැඩක් නැත. ඔබලා කළ වරදට උපරිම දඬුවම් විඳිය යුතුය. මෙවැනි තව අය සිටියි නම් ඔවුන්ටද පාඩමක් විය යුතුය.
පවුලේ නීතිවේදියා කවුද? ප්‍රවෘති විදියට නම් ශබ්දික නේද? නීති සහයක කෙනෙක්ව අරන් ගියාද? නැතිනම් ප්‍රවෘත්ති නිලධාරියෙක්ව අරන් ගියාද? නැතිනම් නිකම්ම නිකන් ප්‍රසිද්ධ වෙන්න මාන බලන මොලේ අමාරු කෙනෙක්ද? මේ ප්‍රශ්නවලට හරි පිළිතුරු හොයාගෙන අපි වැඩේට බැස්සොත් නේද හොඳ?
අමල් කුඩුකාරයා කියලා මුළු ලංකාවම දන්නවනේ... ආයෙ මොනවා හෙලිදරව් කරන්නද? අනික මේ කුඩ්ඩන්ගේ ප්‍රශ්නේ විතරද... මාධ්‍යයට මේ දවස්වල කියන්න තියෙන්නේ? වෙන දේවල් නැද්ද?
මේ උදුල් පේමරත්නත් හරියට ජිනීවා යන අපේ දූත පිරිස වගේ. නඩු ඉවර වෙනතුරු එහෙ විනෝදවෙනවා. අනික වැරැද්දක් කළේ නැත්නං... මොනවටද ලිහිල් දඬුවමක් ලැබෙන්න ඕනේ? මේකෙන් තේරෙනවනේ මේ උදුල්ගේ නොහැකියාව.
ඔය අමල්, නදිමාල්, රයන්, මදුෂ්, ඉම්රාන්, හිතනවා නම් ඔය ලෝයර්ස්ලා එන්නේ එ් ගොල්ලන්ව බේරාගන්න කියලා, ඒ ගැන දෙපාරක් හිතන්න වෙනවා. මොකද දැන් දෙපැත්තේම ඇමතිවරු ගොඩක් කලබල වෙලයි ඉන්නේ.. මේ ගොල්ලන් එයාලගේ නම් ගම් එළිකරයි කියලා. ඩුබායිවල මෙයාලව මරන්න බැහැ. හේතුව එහෙ නීතිය සැරයි. පොලිසිය සුපිරියි. එ්ක හින්දා ලංකාවට ගෙන්නලා මැෂින් තුවක්කු පාරක් දෙන්න තමයි මෙයාලව ලංකාවට ගෙන්නන්න හදන්නේ... ඇමතිවරුන්ට ඕනෑනම් තව මදූෂ්ලා දහයක් වුණත් හදන්න පුළුවන්... ඒ වුණාට නම් ගම් එලි වෙන එකෙන් වෙන හානිය කොච්චර සල්ලි වියදම් කරත් හරිගස්සන්න බැහැ. ඔය අමල්ලා, නදිමාල්ලා ගායකයෝ වුණාට ඒවා ඇමතිවරුන්ට අදාල නැහැ. මතක තියාගන්න විජය කුමාරතුංග වගේ ඉස්සර හිටපු හොඳම නළුවන්වත් මරපු රටක් මේක... එ්කහින්දා ඔය අමල්, නදිමාල් ඩුබායි වලම ඉන්න එක ඒ ගොල්ලන්ගේ ඇඟට ගුණයි. ඔය නීතීඥවරුන්ට ගෙවන ගාන වගේ දහ ගුණයක් එකරැයින් එක කුඩු කිලෝඑකක් විකුණලා හොයන්න පුළුවන් ඔය ඇමතිවරුන්ට...
මොන හෙලිදරව්ද බන්...? මහලොකු දරුවන්ට ආදරේ තාත්තා... දරුවන්ට ආදරේ නම් තමන්ගේම දරුවන් අරන් යයිද කුඩු කාරයන්ගේ පාර්ටි වලට...?
තාත්තලා නිසා ක්ෂේත්‍රයට ඇවිත් නවකයින්ට අවස්ථාවක් ලැබෙන හැම වෙලාවෙම පහතටම හෙලන කෙනෙක්...
තාත්තා නිසා ජීවත්වෙන පුතෙක්... අමල් හිතාගෙන ඉන්නේ එයාට වඩා කෙනෙක් නැහැ කියලයි... හරිම උඩඟුයි. දැන් ඔය ඉන්නේ...
උදුල් ලත් මිනිස්සුන්ව ගොනාට ඇන්දුවේ කොහොමද? ලංකාවම කුඩු රාජ්‍යයක් වෙලා ඉවරයි. මේ මිනිහත් දැන් ඇවිල්ලා ප්‍රකාශ කරලා ඊළඟ පළාත් සභාවට ඉල්ලයි.
මගේ සේවාදායකයා වැරැද්ද පිළිගන්නවා ස්වාමීනී... ලිහිල් දඬුවමක් බලාපොරොත්තු වෙමි. මේ අයට තමයි කියන්නේ ගිල්ටි ප්‍රොක්ටර් කියලා...
අර කඩේ ගිය නළුවා ඇතුළු සියලු ගායකයන් සහ නළුවන් නිළියන් නිතරම වැඩිපුර පරීක්ෂාවට ලක් කරන්න. මේ අය සමහරවිට කුඩු ප්‍රවාහනය කරනවා වෙන්න පුළුවන්...
අපිට මෙයාගේ ප්‍රකාශ හෙළිදරව් වලින් වැඩක් නැහැ. කලාව කියන්නේ මුලාව කියලා දැන් දැන් ලංකාවේ සිටින කලාකරුවන් අපිට හැමදාම පෙන්වා දෙනවා. වැදගත් විදියට ජීවත් වෙමින් යහපත් පවුල් ජීවිත ගත කරන්නේ කීයෙන් කී දෙනාද? හැබැයි මේ කලාකරුවන්ගේ ලොකුම තර්කය ආ ඔය දේවල් සාමාන්‍ය මිනිස්සුත් කරනවා... හැබැයි අපි ප්‍රසිද්ධ උදවිය නිසා මාධ්‍යයෙන් ඒවාට ලොකු ප්‍රචාරයක් දෙනවා කියලා. මේවාට මම නම් කියන්නේ කිතුලෙන් බැහැපු මිනිහාගේ නිදහසට කාරණාව වගේ කියලයි...
ඉස්සර කලාකාරයෝ දුප්පත්. නමුත් ගති ගුණ අතින් පොහොසත්. අපි සැවොම එකා වගේ ආදරය කරනවා. මග තොටේදී දැක්කත් ආදරෙන් කතා කරනවා නැතිනම් සිනාවකින් සංග්‍රහ කරනවා. ඔවුන්ගේ සින්දුවෙන් හරි රඟපෑමෙන් හරි ගත යුක්තක් තියෙනවා. එ්කත් එකට දැන් ඉන්න ගොඩක් අය. අහසට පොළව වගේ. පුද්ගලික චරිතයන් ගැන කියලා වැඩක් නැහැ. අනුන්ගේ ස්වාමි පුරුෂයන් හෝ භාර්යාවන් සහේට ගන්නවා. හරියට වෙන මිනිස්සු නැහැ වගේ. කොහොමත් අධි තක්සේරුවෙන් ඉන්න අය බොහොම ඉක්මනට කඩා වැටෙනවා. ආයිමත් නැගිටින්න බැරි වෙන්නම...
නලා කාරයෙක් දැක්ක තැන විමසිලිමත් වන්න. ඔහු හෝ ඇය කුඩු ප්‍රවාහකයෙක් වෙන්න පුළුවන්.
මේ කියන විදියට ඉල්ලීම් දිනාගන්න, වියදම් කරන්න කොහෙන්ද සල්ලි? මොවුන් වෙනුවෙන් පෙනී සිටින... නීතිය කතාකරන උන් ඩුබායි වල නතර වෙමින්, කෑමබීම, නවාතැන්... මේවට වියදම් කරන්නේ කවුද? මේ තත්වය උඩ අයකරන ගාස්තුව ඉතා අධිකයි... කොහෙන්ද මුදල් කුඩු විකුණන්නම ඕනෑ... ඩුබායි රටේ නීතිපතිවරුන්ට මේවට ගෙවන්න.. කොහෙන්ද මුදල් ප්‍රභූවරයෙක්ගේ පුතා කිව්වා වගේ... ගේ, දොරකඩ, මැණික් මල්ලක් හරි... කුඩු ගෝනියක් තිබුණා කියයිද? සල්ලි තියෙන අයටම හදාගත්තු නීති. දෙවිකෙනෙක් ඉන්නවා නම් එල්ලුම් ගස් යයි. ජීවිතවලට කරපු හානිවලට මේ වගේ අය ලොවෙත් නැහැ. ගමෙත් නැහැ...
ලංකාවට ගෙන එක හොදයි. නැත්නම් අරාබිකාරයෝ රිසානාට දුන්නු දඩුවම වගේ දඩුවමක් දෙයි.පව් අපේ ලංකාවේ මිනිස්සුනේ
ප්‍රසිද්ධිය, ජනප්‍රියත්වය නොබලා කූඩුවට දාලා දෙකක් ඇන්න නම් කියන්න ආව එක පැත්තකින් තියලා ඇත්තම කියයි.
මෙම ප්‍රවෘතියේ කිසිදු ප්‍රවෘතිමය වැදගත්කමක් ඇත්ද ?. මෙයට අගයක් ලැබෙන්නේ හෙළිදරව්ව කලපසු පමණි.
රිසානාට වගේ දඬුවමක් ලැබෙනවානම් මොන එකකටද ලංකාවට ගෙන්වා ගන්නේ.
මොන ප්‍රකාශද බන් උඹෙන්..? ඔය ප්‍රකාශ කරන්න තිබුනේ, මදුෂ් ඔබට පාර්ටි එකට අාරාධනා කළ වෙලේ.. සල්ලි තණ්හාවට කුඩු ප්‍රෙමා්ට් කරන්නේ තමන්ගේම පුතත් එක්ක කුඩ්ඩන්ගේ පාර්ටි එකකට ගිය ඔබ, අර විශ්වා කියන විදිහට දරුවන්ට ආදරේ ඇති තාත්ත කෙනෙක්ද..? පලයන් පලයන්..නිකන් බබා හුකුම් නැතුව..