(පද්මා කුමාරී කංකානම්ගේ )
ලංකා විදුලිබල මණ්ඩලයේ තුරු ලියට සවියක් වෙමු ව්‍යාපෘතිය යටතේ නොරොච්චෝල ලක් විජය බලාගාරය ආශ්‍රිත පරිශ්‍රයේ කඩොලාන පැළ 16,000 ක් සිටුවීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (29) කල්පිටිය නරි කුඩාව කලපුවේ දී සිදු විය.
ලක් විජය බලාගාරයේ නියෝජ්‍ය සාමාන්‍යාධීකාරි ඉන්ද්‍රසිරි ගාල්ලගේ සහ පාරිසරික ඉංජිනේරු චින්තක දිසානායක යන නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වුහ.
මහවැළි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය, වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරීය සහ කල්පිටිය ප්‍රාදේශීය සභාව ද මේ සඳහා දායකත්වය ලබා දී තිබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක නම් ඉතා හොඳ වැඩක්..
දකුණේ වෙරළ දිගට ඕවා වැව්වා නම්, ඉඩම් හේදිගෙන යන එකත් නවත්තලා වෙරළ ආරක්ෂා කරගන්න පුළුවන්.. කිරල ගෙඩි හොඳ බීමක් හදන්න පුළුවන්... වෙරළට ලම්බකව මුහුද දෙසට පේළියක් වශයෙන් හිටවන්න ඕනෑ.