
ලෝ ප්‍රකට ‘ෆෝබ්ස්’ සඟරාව වාර්ෂිකව ප්‍රකාශයට පත් කරන ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කාන්තවක ද ඇතුළත් ව ඇත.
එලෙස ඇතුළත්ව ඇත්තේ එක්සත් රාජධානියේ උපත ලැබූ ශෙමාරා වික්‍රමනායක වන අතර ඇය එම ලැයිස්තුවේ 29 වැනි ස්ථානයේ පසුවෙයි.
ශෙමාරාගේ පියා ශ්‍රී ලාංකිකයකු වන අතර ඔහු වෛද්‍යවරයෙකි.ශෙමාරා එක්සත් රාජධානියේ උපත ලැබූ අතර කලක් ශ්‍රී ලංකාවේ ද ජීවත් වූවා ය. ඇයට වසර 13ක් වනවිට ශෙමාරා සහ ඇයගේ පවුලේ සාමාජිකයන් සමග ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූවා ය.
ඔස්ට්‍රේලියාවේ දී සිය උසස් අධ්‍යාපනය ලැබූ ශෙමාරා 1987 වසරේ දී ආයෝජන බැංකු සමූහයක් වන මැකෝරි බැංකුව සමඟ එක්වූවාය. ඇය වසර 20කට ආසන්න කාලයක් එම බැංකුවේ රැකියාව කිරීමෙන් අනතුරුව 2008 වසරේ දී එහි වත්කම් කළමනාකරණ (ඇසට් මැනේජ්මන්ට්) හි ප්‍රධානියා ලෙස තේරී පත්වූවා ය.
ශෙමාරා වික්‍රමානායක මේ වනවිට මැකෝරි බැංකු සමූහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී තනතුර හොබවයි. ඇය එම තනතුරට පත්වූයේ 2018 වසරේ දී ය.ශෙමාරා වික්‍රමනායක පුතුන් දෙදෙනකුගේ මවක වන අතර ඇයගේ ස්වාමිපුරුෂයා ද හිටපු ආයෝජන බැංකුකරුවකු වේ.
ෆෝබ්ස් සඟරාව මෙලෙස ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා නම් කළේ 17 වැනි වරට අතර මෙවරත් එහි මුල්තැන ගැනීමට සමත්ව ඇත්තේ ජර්මානු නායිකා චාන්සලර් ඇන්ජෙලා මර්කෙල් ය. ඇය අඛණ්ඩව එම ස්ථානයට පත්වූ 10 වැනි වසර මෙය වේ.
(ෆෝබ්ස් සඟරාව ඇසුරිනි)
055
2025 දෙසැම්බර් මස 18
648
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
314
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලෝකයේ බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ශෙමාරාත් එක්වෙයි
Teshan Perera Thursday, 10 December 2020 07:50 AM
ඔය සම්භවය කියන එක අපිට පිනා යන්න දෙයක් නෙමෙයි... ඇත්ත කතාව නම්, ඒ මිනිස්සු මේ රට අතඇරලා ගිහින් තියෙන්නේ. මේ රටේ හිටියනම් ඔය වගේ තැනකට එන්න බැරි බව දන්නවනේ... අපි දුක් වෙන්නයි ඕනේ....
lakvidu Friday, 11 December 2020 05:20 PM
එතකොට ධම්මික මහත්තයාගේ අරිෂ්ඨය බීපු උම්මා නෝනා කෝ?