
(තිලකරත්න දිසානායක)
කොරෝනා වයිරසය ආසාදිත රෝගීනට ප්‍රතිකාර කිරිම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහා රෝහලට රුපියල් ලක්ෂ 23ක පමණ වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යා කිරීමට ව්‍යාපාරිකයෙක් අද කටයුතු කළේය.
කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි තවත් දැඩි සත්කාර ඒකකයක් ස්ථාපිත කිරීම පිනිස වෛද්‍ය උපකරණවල අවශ්‍යතාවය පිළිබඳව " ලංකාදීප වෙබ් අඩවියෙහි " පළ කළ ප්‍රවෘත්තියකට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රදානෙ සිදු කළේය.
ඕස්ට්‍රේලියාවේ සහ මෙරට ව්‍යාපාර පවත්වා ගෙන යනු ලබන පත්මලාල් විතානගේ මහතා විසින් රෝහලට අවශ්‍ය හදිසි අවශ්‍යතාවයන් සම්බන්ධයෙන් රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමන් පතිරණ මහතාගෙන් විමසීමක් කොට දැඩි සත්කාර ඒකක ඇදන් 10 ක් සහ ශල්‍යකර්ම සිදු කිරීමේදී භාවිතා කරන ශල්‍යාගාර ලාම්පුවක් මෙලෙස ප්‍රදානය කරනු ලැබීය.
සන්මික් ෆුඩ් ආයතනයේ අධ්‍යක්ෂ උදුල අමුකොටුව මහතා විසින් රෝහල් අධ්‍යක්ෂ සමන් පතිරණ මහතා වෙත එම වෛද්‍ය උපකරණ ප්‍රදානය කළේය.


COMMENTS
කවුරුහරි ගම්පහා මහ රෝහලට ඕ.සී.ටී ස්කෑන් යන්ත්‍රයක් පරිත්‍යාග කරනවානන් වටිනවා. මොකද සමහර ඇස්කණ්නාඩි හදන ව්‍යාපාරිකයින් ගාවත් ඕ.සී.ටී යන්ත්‍ර ඇත, ඒ ගම්පහා මහා රෝහලේ අක්ෂි සායනයේ එම පරීක්ෂාව නැත. දිස්ත්‍රික් මහ රෝහලක් උනත් පහසුකම් අඩු රෝහලක් මේක.