(ඩයනා උදයංගනී)
සීමාසහිත විජය පුවත්පත් සමාගම වාර්ෂිකව පවත්වන ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේදී පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන හෙට (24) පස්වරුවේ පැවැත්වේ.
මෙවර එය පැවැත්වෙන්නේ 18 වැනි වරටය.
ආලෝක පූජාව විවෘත කිරීම විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා අතින් හෙට (24) පස්වරු 6.30ට සිදුකෙරේ.
රට තුළ පවතින කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් මෙවර පොසොන් ආලෝක පූජාව ආගමික වතාවත්වලට පමණක් සීමාවෙමින් සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන ඇත.
කොවිඩ් වසංගත තත්වයෙන් පීඩාවට පත්වූවන්ට සෙත් පතා පවත්වන ආශීර්වාද බෝධි පූජාවක් ද තන්තිරිමලේ ඓතිහාසික අෂ්ඨඵල බෝ සමිඳුන් අභියස දී හෙට පස්වරු 7.00 පැවැත්වීමට නියමිතය.
තන්තිරිමලේ රජමහා විහාරාධිපති,තන්තිරිමලේ චන්දරතන නාහිමියන්ගේ අනුශාසනා මත විජය පුවත්පත් සමාගමේ දායකත්වයෙන් මෙම කටයුතු සංවිධානය කෙරේ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ 2004 වසරේදී ආරම්භ කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනැති සිතින් පොසොන් පුන් පොහොය දින කෙරෙන මෙම ආලෝක පූජාවන් ඇතුලු සියලු පින් කටයුතු වලින් උදා වන පොසොන් පොහෝදින සැදැහැවත්ව පින් කටයුතු සිදු කරගමු..