
(සුජිත් හේවාජුලිගේ )
මැති ඇමැතිවරුන්,හිටපු ඇමතිවරුන් ඇතුළු ප්‍රභූවරුන් 40 කට වැඩි පිරිසක් ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් කෝටියකට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තා වේ.
ජල සම්පත් මණ්ඩලයට වැඩිම මුදලක් ගෙවීම පැහැර හැර ඇත්තේ මධ්‍යම පළාත නියෝජනය කරන ඇමැතිවරයෙකි. ගෙවීම පැහැර හැර ඇති මුදල ලක්ෂ 18 කි.
මේ අතර හිටපු ඇමතිවරයකු ජලය ලබා ගැනීම වෙනුවෙන් ජල සම්පත් මණ්ඩලයට රුපියල් 45,000 ක මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි පවසන එම මණ්ඩලය ජල බිල්පත් නොගෙවූ පිරිස අතර හිටපු ඇමතිවරුන් දෙදෙනකුද සිටින බව සඳහන් කළේය.
එම හිටපු ඇමැතිවරයා පාවිච්චි කරනලද නිල නිවස දැන් පාවිච්චි කරන්නේ කැබිනට් ඇමැතිවරයෙකි.
ඒ ඇමතිවරයා එම හිටපු ඇමතිවරයාගේ හිඟ මුදල පිළිබඳව ජල සම්පාදන ඇමැතිවරයාට දැනටමත් දැනුවත් කර ඇතැයි දැනගන්නට ඇත.
ජල බිල්පත් ගෙවීම පැහැර හැර ඇති මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූවරුන්ගේ ජල සැපයුම කපා හැරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේය.
COMMENTS
නිලධාරීන් නිදාගෙනද හිටියේ .මේ අයගෙන් නිසි ලෙස බිල්පත් එකතු නොකළ නිලධාරීන්ගේ වැටුපෙන් මේවා අයකරගන්න ඕනේ සාමාන්‍ය මනුස්සයා ගෙන්නම් කපන්න එන්නේ පොලු කර තියාගෙන .මේ නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්න ඕනේ
දැන් ඉතින් මණඩලයට පාඩුයි පාඩුයි කියම්න් ජල බිල් වැඩිකරන්න ඉල්ලන්නේත් ඔය කියන ඇමතිවරුන්ම තමයි.
නීලකාස හොරුන්ට ඕක කජ්ජක්ද,පුදුමෙ එහෙම නොකරනවනන්.
ඇත්තටම මේ රටට කරන්න පුළුවන් හැම නස්පැත්තියක්ම කරලත් කිසිම වගේ වගක් නැතුව ඉන්න මේ කාලකන්නි ටික ඉන්න තාක් කල් මේ අපේ රට මේ අගාධයෙන් ගොඩගන්න බැහැ. ඒත් මොන හේතුවක්ද මන්ද මේ රටේ ඉන්න මිනිස්සු චන්දයක් තිබ්බොත් නිකම් පිස්සුවෙන් වගේ මුන්ට මනාපේ දෙනවා. උන් ආයේ ආයෙම දිනනවා. ඉතින් ඔන්න ඕකට තමා කරුමේ කියන්නේ.
ඔවුන් තමයි නීති හදන්නෙත්, ඔවුන් තමයි නීති කඩන්නේත්, ඔවුන් තමයි රට බංකලොත් බාවයට පත් කරන්නෙත්. මේ නිසා තමයි රජයේ ආයතනවල් පාඩු ලබන්නේ. අවසානයේ ජාල බිල වැඩි කරලා, මහජනයාගෙන් මේ පාඩුව අය කරන්නේ.
මේ වගේ නම් ගම් නැති ප්‍රවෘත්ති වැඩක් නැහැ.
මහජනතාවගේ සල්ලිවලින් කාලා බීලා ජීවත්වෙන මිනිසුනේ... වතුර ටිකක් පිනට දුන්නයි කියලා හිතමු.