( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 41දෙනකු පමණ දීර්ඝ කාලයක් තිස්සේ සෞදි අරාබියාවේ රියාද් නුවර අත්තනෝමතික ලෙස රඳවාගෙන සිටින බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය කියා සිටි.
මාස 18 පමණ කාලයක් එම කාන්තාවන් පිරිස රියාද් හී සෞදි රැදවුම් කදවුරක රඳවා තබාගෙන සිටින බවද නිවේදනයක් නිකුත් කරමින් එම ආයතනය වැඩිදුරටත් සදහන් කර සිටී.
අදාළ කාන්තාවන්ට එරෙහිව කිසිදු චෝදනාවක් පිළිබඳ මෙතෙක් දැනුම් දී නොමැති අතර ඔවුන් රඳවා තබාගැනිමේ හේතුව පිළිබඳව ද නීත්‍යානුකූල දැනුම්දීමක් සිදුකර නොමැති බවද එම ඇමිනෙස්ටි වාර්තා වේ සදහන් වේ.
එම කාන්තාවන්ගෙන් තිදෙනකුට කුඩා දරුවන් ද සිටින අතර ඔවුන් සියලුදෙනා කඩිනමින් මෙරටට ගෙන්වාගැනීමට ශ්‍රී ලංකා බලධාරීන් පියවර ගත යුතු බව ඇමිනෙස්ට් ඉන්ටර්නැෂනල් ආයතනය පෙන්වා දෙයි.
COMMENTS
වහාම කාන්තාවන් රට යැවීම නවත්වන්න. ඔවුන්ගේ පවුල් තෝරාගෙන එම පවුල්වල පිරිමින්ට වෘත්තීය පුහුණුවක් ලබාදී ඔවුන්ට විදේශ රැකියා සඳහා යොමු කරවන්න. තවද හෙද වෘත්තීය වැනි පුහුණුවක් කාන්තාවන්ට ලබාදී ඔවුන් විදේශ රැකියා සඳහා යොමු කරවන්න...
මේ අහිංසක පුරවැසියන්ගේ ශ්‍රමය විකුණලා ඒ මුදල්න් සුරසැප විඳින දේශපාලකයින්ට සහ ඔවුන්ගේ අඹුදරුවන්ට හෙණම වදින්න ඕනේ..