IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ලාංකිකයන් සිව්දෙනකු ගින්නකින් බ්‍රිතාන්‍යයේදී මරුට

( තිළිණි ද සිල්වා )

බ්‍රිතාන්‍යයේ, බේක්ස්ලීහීත් ප්‍රදේශයේ නිවසක හට ගත් හදිසි ගින්නකින් ශ්‍රී ලාංකිකයන් සිව්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාන්තාවන් දෙදෙනකු සහ කුඩා දරුවන් දෙදෙනෙකු බව වාර්තා වෙයි.ගින්නෙත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවද තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කීවේය.

එම්. මතිවාතනන් නමැති පුද්ගලයාගේ බිරිඳ, දරුවන් දෙදෙනා සහ නැන්දනිය එම ගින්නෙන් මියගොස් ඇති බව සඳහන් විය.

මියගිය දරුවන් දෙදෙනා වයස අවුරුදු 4ක් සහ මාස 18ක වයසේ පසුවූවන් බව සඳහන් විය.

අදාල නිවසේ පහළ මහලේ ගින්න හටගෙන ඇති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව විදෙස් වාර්තා පවසයි.

එම පුද්ගලයින් විසින් අදාල නිවස මීට මාස තුනකට පෙර මිලදී ගෙන ඇති අතර ඔවුන් අවුරුදු 15ක් පමණ එංගලන්තයේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ.

එම් මතිවාතනන්ගේ නැන්දනිය අද (20) දිනයේ ලංකාවට පැමිණිමට ගුවන් ටිකට්පත් ද ලබාගෙන සූදානමින් සිට ඇති බව වාර්තා වේ.



අදහස් (0)

ලාංකිකයන් සිව්දෙනකු ගින්නකින් බ්‍රිතාන්‍යයේදී මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 4 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site