එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව හිටපු විදේශ අමාත්‍යවරයකු වන රෝහිත බෝගල්ලාගම මහතා එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යවමින් දැනුම් දී ඇත.
එම ලිපියේ පිටපතක් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතාට ද යවා ඇත.
ඒ අනුව ජූනි 25 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පක්ෂ සාමාජිකත්වයෙන් සහ මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබෙන එම පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂක ධුරයෙන් ඉවත් වන බව ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.
පක්ෂ දේශපාලනයේ සීමාවලින් ඉවත් ව ‘‘ශ්‍රී ලංකාවට මුල්තැන’’ යන ආදර්ශ පාඨය ඔස්සේ යමින් ජාතියට සේවය කිරීමේ කාලය එළැඹ ඇතැයි ද බෝගල්ලාගම මහතා සිය ලිපියේ සඳහන් කර ඇත.
අපගේ සාම්ප්‍රදායික විශ්වාස සහ ජනතාවගේ බලාපොරොත්තු එකිනෙකට නොපෑහෙන බවත් ඒ සියල්ලටම වඩා ජාතික අභිලාෂ සඳහා වැඩි ඉඩක් දීමේ අවශ්‍යතාව පැන නැගෙමින් තිබෙන ඔහු සිය ලිපිය මඟින් දන්වා ඇත.
‘‘කොවිඩ්-19 වසංගතයෙන් පසු රට ප්‍රබල අභියෝග රැසකට මුහුණ දී සිටිනවා. ඒවාට විසඳුම් සෙවීම සඳහා බලයේ සිටින ඕනෑම ආණ්ඩුවක් සමඟ එක්සත්ව හා එකමුතුව, පක්ෂ විපක්ෂ භේදයකින් තොරව වැඩ කළ යුතුයි. එබැවින් රටටත් ජනතාවටත් බාරදූර වගකීමක් තිබෙන බව මම දැඩි සේ විශ්වාස කරනවා.
එක්සත් ජාතික පක්ෂයෙන් සහ ජාතික ලැයිස්තුවෙන් ඉවත් වීමෙන් මේ රටේ ජනතාවට සේවය කිරීමට මට වැඩි අවස්ථාවක් ලැබෙනවා’’ යැයි රෝහිත බෝගල්ලාගම මහතා තවදුරටත් සඳහන් කර ඇත.
055
COMMENTS
තානාපති කමත් හරි, සංස්ථා සභාපතිකමක් වත් ලැබෙන්න වගේ යන්නේ...
මෙයාලට මිනිස්සු ඡන්දේ දෙන්නේ නැති බව දැනගෙන ලැජ්ජාවෙන් බේරෙන්න කළින්ම ඉවත්වෙලා.
ආණ්ඩුවකට නම් වද්දගන්න එපා. රට සවාරි ගිහින් දුප්පත් ජනතාවගේ සල්ලි කනවා.
එහෙට මෙහට ගිය වාර ගණනයි.. එහෙම ගිහින් ගත්තු වර්ප්‍රසාද මොනවද කියලයි මෙයාටවත් මතකද දන්නෑ. රටට, දැයට ආදරේ... පුත්තු..!!!
මෙයා තමයි දුවගේ උපන්දින පාටියට ලක්ෂ 70ක් වියදම් කළේ... ඒවා රජයේ සල්ලි...
මෙයා නම් කිසිම පක්ෂයකට ගන්න හොඳ නැති පහත් ගතිගුණ තියෙන උද්දච්ඡ මනුස්සයෙක්...
ලංකාවට මුල්තැන නැතිනම් බඩගෝස්තරේට මුල් තැනද? දැන් වැඩ යන බලලා හෙමීට මැස්ස ගහයි.
ගෙම්බෝ ටික දැන් එළියට එයි.
මේ පාර කාටද එන්න හදන්නේ මුන්නැහේ...?
මෙයා කාලයක් විදේශ ඇමති වෙලා හිටියා. කිසිම වැඩකට නැහැ... පුලුවන් තරම් රට සවාරි ගහලා මහජන මුදල් නිකරුණේ කාබාසිනියා කරපු එකමනේ කෙරුවේ.
මොකක් කිව්වා...? එජාපයට ජාතික ලැයිස්තුවේ දෙන්නෙක්වත් දාගන්න බැහැ. අනික මෙයා ඇමැති කාලේ නොකරපු සේවය දැන් කොහේ කරන්නද?
ගෙම්බන්ටත් දැන් තැනක් නැහැ.
දැන් තමා UNP එකට ලොකුම සේවය කරලා තියෙන්නේ...
මහජන මුදල් ලක්ෂ ගණන් ගෙනැල්ලා දූදරුවන්ට කේක් කපන්න පනින්නද යන්නේ...?
පොහොට්ටුව පළාතටවත් ගන්න එපා. සල්ලි කාපු එක විතරමයි කළේ.. අනික් අය සල්ලි කන ගමන් මොනවාහරි වැඩකුත් කළා... මෙයා කළේ පාටි දාන්න අරවට, මේවට මිනිස්සුන්ගෙන් සල්ලි ගත්තු එක. නාරාහේන්පිට පොළට යවන්න විතරයි හොඳ...
පොහොට්ටුව පැත්ත පළාතකට ගන්න එපා. යන තැන කනවා...
කෝට්ටේ ඉඩම් ගොඩ කරලා හොඳට හැදුණා..
මෙයා නම් ගත්තාටත් වැඩක් නැහැ
මෙයා රට වෙනුවෙන් කළ යුතු වගකීම කුමක්දැයි හරියට දන්නේ නැහැ. උඩඟුකමින් කටයුතු කළා හැරෙන්නට වෙන කිසිවක් ජනතාවට කළේ නැත.
රටට යම් වැඩක් කළා. ඒ වගේමයි හොරකම් බොහෝ කළා.. බලය අයුතු ලෙස පරිභෝජනය කළා.
දිවිත්ව පුරවැසිබාවය තියාගන්න වගේ, මෙයාට හොඳයි දිවිත්ව පක්ෂ සාමාජිකත්වය තියාගන්නවානම්.
පොදුජන පෙරමුණේ පොල් පැල දිහාවට හැරෙනවා වගෙයි.
ගෙම්බන් දැකලා තියෙනවද?
නොදන්නා අය මේ ගැන සොයා බලන්න.