(කේ.ඩී.දේවප්‍රිය)

රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍ය  මැණික් ගඟේ දිය කැපීමේ මංගල්‍යයෙන් පසු අද  නිමාවට පත්විය.

අවසන් මහා පෙරහර සුභ නැකතින් ඊයේ රාත්‍රී 7.22  කිරිවෙහෙර දක්වා වීදි සංචාරය  කිරිවෙහෙර සෑ රඳන් වෙත පුද පඬුරු පුජා කර ආශීර්වාදය ලබා ගැනීමෙන් පසුව කිරිවෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් විසින් ආගමිකවතාවත් සිදු කිරීමෙන් පසුව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සහා මොණරාගල දිසා ලේකම් ගුණදාස අමරසිංහ මහත්වරු පෙරහර ඉතාම හෙදින් අවසන් කළ බව නිවේදනය නිකුත් කරන කළහ

අනතුරුව පෙරහර නැවත මහා දේවාලය වෙත පැමිණ වල්ලි අම්මා දේවාලය වෙත ගොස් චාරිත්‍ර ඉටු කිරිමෙන් පසුව නැවත මහා දේවාලය වෙත පෙරහැර ගෙවදිමෙන් පසුව 2021 අවසන්විය. දිය කැපීමේ මංගල්‍ය අද( 24) වැනි දින මැණික් ගගේ දි සිදු කළේය.