(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගන්නා ප්‍රධාන ගැනුම්කරුවෙක් වන රුසියාව සහ යුක්රේනය අතර මේ වන විට උද්ගත වී ඇති යුද්ධමය තත්වය හේතුවෙන් ශ්‍රී ලංකා තේ කර්මාන්තයට බලපෑමක් එල්ල වෙමින් පවතින ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

රුසියාව සාමාන්‍යයෙන් වසරකට තේ කිලෝ මිලියන 25 ත් 30 ත් අතර ප්‍රමාණයක් මිලදී ගන්නා බවත් පසුගිය ජනවාරි මස ද තේ කිලේ මිලියන දෙකකට අධික ප්‍රමාණයක් රුසියාවට අපනයනය කළ බවත් එම නිලධාරියා කීය.  

රුසියාව යුද්ධය ආරම්භ කිරීමට පෙර ඇනවුම් කළ තේ මේ වන විටත් යොමුකර ඇති බව කී එම නිලධාරියා රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය තව දුරටත් වර්ධනය වුවහොත් නව ඇනවුම් ලැබීම ද අඩු වනු ඇති බව ද සඳහන් කළේය.