IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයේ

රුසියන් හමුදාවන් යුක්රේන කොනොටොප් නගරයට ප්‍රහාර එල්ල කරමින් පවතින අතර කියෙව් නගරය දෙසට රුසියානු හමුදා ගමන් කරමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 8.30 වන විට රුසියානු හමුදාවන්ට කියෙව් නගරයට ළඟ විය හැකි බව ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසයි.

ලංකාවේ වේලාවෙන් පෙරවරු 8.05 යුක්රේනයේ අගනුවර වූ කියෙව් නගරයේ පිපිරීම් හඬවල් ඇසීමට පටන් ගත් බව යුක්රේන මාධ්‍යවේදීන් වාර්තා කළා

රුසියානු ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි වීඩියෝ පටයක් මගින් ප්‍රකාශයක් නිකුත් කර ඇති අතර ඔහු පැවසුවේ රුසියාවේ ප්‍රධාන ඉලක්කය තමන් සහ තමාගේ පවුලේ අය ඝාතනය කිරීම බවයි. ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි සහ ඔහුගේ පවුලේ අය ඝාතනය කිරීම තුලින් යුක්රේනය අස්ථාවර කිරීමට රුසියාව බලාපොරොත්තු වන බව සෙලෙන්ස්කි පවසයි.

අනන්‍යතාවය හෙළි නොකළ හැකර් කරුවන් පිරිසක් රුසියාවට සමග සයිබර් යුද්ධයක් ආරම්භ කර ඇති අතර මේ වන විට රුසියන් ටුඩේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

රුසියානු හමුදා විසින් යුක්රේනයේ චාර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය අත්පත් කර ගෙන ඇති අතර ඔඩෙසා හි සිමිනි දුපතේ පාලනය ද යුක්රේන හමුදාවෙන් ගිලිහී තිබෙනවා. සිමිනි දුපත රුසියානු හමුදා අත්පත් කරගත් අවස්ථාවේ එහි සිටි යුක්රේන සොල්දාදුවන් 13 රුසියානු හමුදා ඝාතනය කළ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමීර් සෙලෙන්ස්කි පවසයි.

චාර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය සහ කලාපය අත්පත් කර ගැනීමෙන් පසුව එහි සිටි සේවකයන් ප්‍රාණ ඇපකරුවන් ලෙස රුසියානු හමුදා විසින් ගෙන ඇති බව තහවුරු වී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ රුසියානු රාජ තාන්ත්‍රිකයෙක් නෙරපා ඇති අතර එයට නිසි පිළිතුරක් ලබා දෙන බව රුසියාව පවසයි. මේ වන විට යුක්රේනයේ එස්-යු 27 සහ එස්-යු 24 ප්‍රහාරක යානා හතරක් ද ටිබී-2 ඩ්‍රෝන යානා හතරක්ද රුසියානු හමුදා විසින් ගුවන් ප්‍රහාර මගින් යුක්රේන හමුදා කඳවුරු ඇතුළු ගොඩනැගිලි 83 අඩපන කීරීමිට රුසියානු හමුදා සමත් වී ඇත.මෙම හමුදා ඉලක්ක 83 ට යුක්රේන හමුදා ගුවන් පත 11 ද රේඩාර් පද්ධති 18 ක් ද ඇතුළත් වන බව පවසනවා.

සම්බාධක පැනවූ රටවලට අලුතින් තායිවානය,නවසීලන්තය එකතු වී තිබේ.ඊයේ දින රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්රේන සොල්දාදුවන් ඊයේ දින 137 දෙනෙකුට වැඩි පිරිසක් මියගොස් 316 දෙනෙක් තුවාල ලබා ඇති බව යුක්රේන බලධාරීන් පැවසූහ.

යුක්රේන අවු 18-60 අතර පිරිමින් රටින් පිටවීම තහනම් කර ඇත.

රුසියාවේ යුද විරෝධී උද්ඝෝෂණ ආරම්භ වී ඇති අතර දැනටමත් 1675 දෙනෙක් රුසියානු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.ඉන් 900 අත් අඩංගුවට ගෙන ඇත්තේ මොස්කව් නුවරදීය.

බ්‍රහස්පතින්දා දින රාත්‍රියේ පමණක් යුක්රේන සොල්දාදුවන් 40 දෙනෙක් සහ සිවිල් වැසියන් 10 දෙනෙක් මිය ගොස් ඇතැයි යුක්රේන බලධාරීහු පැවසූහ.

රුසියානු යුධ භටයන් ප්‍රවාහනය කරන ගුවන් යානයක් කඩා වැටී ඇති අතර එහි සිටි සොල්දාදුවන් සංඛ්‍යාව රුසියානු රජය ප්‍රකාශ කර නොමැත.

යුක්රේන විශේෂ බලකා භටයන් විසින් රුසියානු යුද ටැංකි 30,ප්‍රහාරක ගුවන් යානා 5 සහ ප්‍රහාරක හෙලිකොප්ටර් 6 ක් විනාශ කළ බව යුක්රේන හමුදා විශේෂ බලකායේ ප්‍රකාශකයෙක් පැවසීය.

(034)

වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න



අදහස් (2)

රුසියානු හමුදා කියෙව් නගරය ආසන්නයේ

Vasudewa Friday, 25 February 2022 02:42 PM

බඩුමිල වැඩිකරන්න හොඳ වේලාව...!

:       3       6

BamunuarachchiFriday, 25 February 2022 09:25 PM

ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල වැඩිවුණු බව දන්නේ නැද්ද..?

:       4       3

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31162 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13307 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10955 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 57 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 891 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site