රුසියා විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා ලබන 14 සහ 15 යන දෙදින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා පැවැසුවාය.
“ජනවාරි 14 සහ 15 රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් රාජකාරී සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවට යනවා” යැයි මොස්කව්හි පෙරේදා (26) පැවති මාධ්‍ය හමුවකදී ඇය සඳහන් කළාය.
ශ්‍රී ලංකාවේ කරන සංචාරයේදී ජනවාරි 14වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් මුණගැසීමට නියමිත අතර විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ සාකච්ඡා පැවැත්වීමට ද නියමිතය.
“ඔවුන් වත්මන් ශ්‍රී ලංකා - රුසියා සබඳතා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අනාගත දේශපාලන සංවාද, වෙළෙඳ හා ආර්ථික අංශවලින් සහයෝගීතාව සංවර්ධනය කරගැනීම, මානුෂීය සහ අනෙකුත් අංශ මෙන්ම ද්විපාර්ශ්වීය ප්‍රඥප්ති සහ නෛතික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ඔවුන් බලාපොරොත්තු වෙනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එහි අනුබද්ධිත ආයතන මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර සංවිධාන සහ ආයතන තුළ සහයෝගීතාව පුළුල් කිරීම සම්බන්ධයෙන් ද එම සාකච්ඡාවලදී විශේෂ අවධානයක් යොමු කරනවා” යැයි ඇය සඳහන් කළාය.
රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා ජනවාරි 15වැනිදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුබ්‍රමනියම් ජයිශංකර් හමුවී සාකච්ඡා පවත්වන බවත් හෙතෙම ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන බහුපාර්ශ්වීය සමුළුවක් වන ‘රයිසිනා සංවාද සමුළුවට’ ද සහභාගී වන බවත් ඇය වැඩිදුරටත් කීවාය.
රුසියානු පුවත් සේවය ඇසුරිනි.
055
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රුසියානු විදේශ ඇමැති ජනවාරියේ දිවයිනට
Suranga Saturday, 28 December 2019 04:32 AM
ලංකාවට ආදරය කරන බොහොම හොඳට සිංහල භාෂාව කතාකරන කෙනෙක්. ආඩම්බර විය යුතුයි. ඔහුගේ Wikipedia page එකේ තියෙනවා. ඔහු ලංකාවට ගොඩක් හෙල්ප් කරනවා. නමුත් අපේ මිනිස්සුන්ට කිසිම අගයක් නැහැ. දුකයි රුසියාව ලංකාවට දීපු හැමදෙයක්ම විකුණන් කෑවා...