දින පහක සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතා අද(03) බත්තරමුල්ල පාර්ලිමේන්තු ක්‍රීඩාංගනය අසළ රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට එක්වූයේය.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ආරාධනයක් මත ඒ මහතා ඇතුළු හමුදා නිලධාරීහු අද උදෑසන ලංකාවට පැමිණ සිටියහ.
ජෙනරාල් ඔලෙග් සල් යුකෝව් මහතා හෙට (04) පැවැත්වෙන 72 වැනි නිදහස් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තෙකු ලෙස ද සහභාගී වීමට නියමිතය.
(ඡායාරූප - ශාන්ත රත්නායක)





COMMENTS
නිකන් විහිලු කතා ලියන්න එපා. මෙතුමාට ඕනෑ නම් ලෝකේ කුඩුකරලා දාන්න පුළුවන්.. එයාගේ බොස් කිව්වොත්.... අපේ රටට ආපු එක අපට කොච්චර හයියක්ද?
රුසියානු ගොඩබිම් හමුදා ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සල්යුකොව් මහතාට බුදු සරණයි..
අනේ මන්දා.. මේ හාදයා මෙහෙ ඇවිල්ලා... ඇමෙරිකන් ට්‍රම්ප්කාරයා යකාවෙලා ඇති... මොකක් හරි ලොකු මරාලයක් අපේ රටට පාත්වෙන්න ලඟයි. මතකද මේ අවුරුද්ද ලැබුව දවසේ ඉඳන්ම ලෝකයේ ප්‍රබලයින් යයි කියාගන්නා අය ආවා ගියා... අපි බලන් ඉඳිමු. කවුද අපේ රට පාවාදෙන්න යන්නේ කියලා. කවුරු වුණත් අපට ප්‍රශ්නයක් නැහැ. රට පාවාදීමට දඬුවම මරණය...!!! එය ගඩාෆිට වුණාවගේ මහා පාරේදී වුණත් විය හැකිය.
මේ සිංහල අපගේ රටයි.., අප ඉපදෙන, මැරෙන රටයි. අප හද පන ගැහෙන රටයි... මුළුලොව ඒ රටට යටයි. ඉහත සඳහන් සියල්ල පිළිබඳව වර්තමානයේ ගැඹුරින් සොයා බැලීමක් කලයුතුවේ.