
රුසියාව යුක්රේනයට ‘රික්තක’ බෝම්බවලින් පහර දෙන බව ඇමෙරිකාවේ යුක්රේන තානාපති ඔක්සානා මර්කරෝවා පවසා ඇත. තානාපතිවරයා මෙසේ පවසා ඇත්තේ යුක්රේනයෙන් ලැබෙන හමුදා තොරතුරු පාදක කර ගනිමිනි.
‘රික්තක’ බෝම්බ, ‘තර්මෝබැරික්’ එසේත් නැතිනම් ‘උෂ්ණත්ව බෝම්බ’ ලෙස ද හැඳින්වෙයි. මේවා පුපුරා යන්නේ අවට ඇති ඔක්සිජන් උරා ගනිමිනි. එසේ උරා ගනිද්දී රික්තයක් නිර්මාණය වෙයි. රික්තක බෝම්බ ලෙස හැඳින්වෙන්නේ ඒ නිසාය. මේවා සම්ප්‍රදායික අවි ආයුධවලට වඩා ප්‍රබලය.
ජිනීවා සම්මුතියට අනුව, මෙවැනි රික්තක බෝම්බ යුද සංග්‍රාමවලදී භාවිතයට ගැනීම තහනම් බව ද පැවැසෙයි. රුසියන් හමුදා යුක්රේනය ආක්‍රමණය ආරම්භ කළේ පසුගිය 24 වැනිදාය.
අද (1) රුසියානු යුක්රේන යුද්ධයේ හය වැනි දිනයයි. මේ වනතුරු රුසියන් හමුදා ප්‍රහාර සඳහා භාවිතයට ගත්තේ සාම්ප්‍රදායික අවි පමණි. කෙසේ නමුත් තමන් ‘රික්තක‘ බෝම්බ යොදා ගනිමින් පහර දෙන බව රුසියාව තහවුරු කර නැත.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
COMMENTS
දැන් අපහට අසන්නට සිදුවනු ඇත්තේ යුක්රේනය හෝ යුක්රේනයට පක්ෂපාතී කණ්ඩායම්වලින් නිකුත් කරන ප්‍රකාශ හෝ ප්‍රවෘත්ති හෝ පමණි. සම්බාධක වල ප්‍රධානතම ප්‍රතිඵලය මෙයයි. මෙයද එක්තරා ආකාරයක යුද්ධයකි. මෙයද එක්තරා ආකාරයක සාමය යැයි කියමින් යුද්ධයට පිදුරු දැමීමකි. ජාත්‍යන්තරව රුසියානු විරෝධයක් ඇතිකිරීමට කරනු ලබන මෙහෙයුමකි. අප රටට එරෙහි වූ පාර්ශවයකට වඩා අප රටට හැම විටම සහය දැක්වූ රුසියාව කෙරෙහි ශ්‍රී ලාංකික ජනතාව ලෙස අප විශ්වාසය තැබිය යුතුයි. ගුණමකු ජාතියක් නොවිය යුතුයි. අප රටේ වෙහෙර විහාර විනාශ කරමින් සාමාන්‍ය ජනතාව විනාශකරමින් පැවති ත්‍රස්තවාදය වසර 30ක් පුරා පැවැතියදී මෙම රටවල් එය ත්‍රස්තවාදය අවසන් කිරීමට ඉඩ නොදුන්නාක් මෙන්ම එම ත්‍රස්තවාදය අවසන් කිරීමෙන් පසු අදවනවිටද වැරැදි කරුවන් වී ඇත්තේ අපගේ හමුදාව විනා ත්‍රස්තවාදියා නොවේ. මෙයද ඒ ලෙසටම ආදර්ශයට ගෙන රුසියාව දෙස බැලීම සුදුසුයි...
තර්මෝබැරික් අපේ දියවන්නාව පැත්තට එකක් හරවන්න බැරිද? අපිටත් බලාගන්න අපිගැන හිතලා...
යුක්‍රේනයට වෙන රටවල් වලින් දෙන ආධාර මෙහෙම ප්‍රසිද්ධ කරන්න එපා. මේවා දැකලා අපේ මොල හතානෝ ඩොලර් ගන්න රුසියාවත් එක්ක වලියක් දාගන්නත් බැරි නෑ. ඔවුන් හම්බෙන ඩොලර් ටිකත් අරන් රට පනී. අපි තමයි මැරෙන්න ඕනේ...!
රුසියාව අපෙ රටෙන් කෑලි, වෙනත් වාසි නොඉල්ලන අපට ඉන්න හොඳ මිතුරෙක් අපිට රුසියාවට විරුද්දව කතා කරන්න බැරිය. ඉන්දියාව රුසියාවට විරුද්දව කතා කලෙත් නැත.
සුජීවට තමන්ගේ රටේ ප්‍රශ්න වලට වඩා මේ කොහෙවත් තියන රුසියාවට තියන ප්‍රශ්න ගැන වගෙයි මේ දඟලන්නේ? කාන්තාවකුත් නොවන පිරිමියෙකුත් නොවන, එලොවටත් නැති මෙලොවටත් නැති, නයි නටවන්න දක්ෂ නයි පරම්පරාවේ අය ගැන අපිට නම් වැටහෙනවා. අරන්තලාවේ හා දළදා මාලිගා ප්‍රහාරය මෙහෙයවූ "කරුණා අම්මාන්"ලාව කරේ තියාගෙන හමුදා ආරක්ෂාවත් දීලා තියෙද්දී, ලැජ්ජා නැතිව එනවා මෙතන යුද පම්පෝරි ගහන්න... අර පිල්ලෙයාන් එහෙම දැන් අපේ ජාතික වීරයෝනේ? නොදකින්! පාලකයෝ කියනවා නම් ඔහෙලා නොකරන දෙයක් නැහැ...
විපතේදී පිහිට වෙනවාට වඩා, විපතෙන් ගසා කෑම හා එමගින් අයුතු ප්‍රයෝජන ලබා ගැනීමත් ලාංකික සමාජයේ බහුතරයකගේ සිරිතයි. තමන්ගේම ජාතියට එහෙම කරනවා නම් පිටරට ජාතියකට කොහොම කරයිද? හොඳ මිනිසුන් ඉතාම අඩු පිරිසක් මේ රටේත් ඉන්නවා. ඥාණය, බුද්ධිය පාවිච්චි කරලා ඒ අයව තෝරාගෙන උදව් උපකාර ගන්න... එසේ නොමැති වුවොත් ඔබලාගේ රටේ යුද්ධයට හසුවුණාට වඩා ව්‍යවසනයක් මේ රට තුළදී සිදුවෙයි...