(අංජුල මහික වීරරත්න)
කිසිදු ඉදිරි සැලසුමක් නොමැතිව රසායනික පොහොර ගෙන්වීම එකවර නතර කිරීම නිසා තේ, පොල්, රබර් ඇතුළු වගාවන්ට සිදුවන හානිය තව අවුරුදු ගණනක් යනතුරු ආපසු හැරවීමට නොහැකි වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබෙිවර්ධන මහතා පැවසීය.
රටට ආහාර අර්බුදයක් ඇති නොකර වහා පොහොර ගෙන්වීමට කටයුතු කළ යුතු බව කී අබේවර්ධන මහතා මේ මොහොතේ තීරණ ආපසු හරවා ගැනීමෙන් ආණ්ඩුවට සිදුවිය හැකි ලැජ්ජාවට වඩා ජනතාවගේ බඩගින්න ප්‍රමුඛතාවයේ ලා සැලකිය යුතු බවද සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයේ බිම් මට්ටමේ ක්‍රියාකාරීන් පිරිසක් සමඟ සූම් තාක්ෂණය ඔස්සේ අද( 20) පැවති සාකච්ඡාවක දී වජිර අබේවර්ධන මහතා සඳහන් කළේ මෙි මොහොතේ සිට රසායනික පොහොර ගෙන්වීමට තීරණය කළත් ඉදිරි අවුරුදු දෙකක කාලයක් සඳහා වගා හානිය මේ වන විටත් සිදු වී අවසන් බවයි.
COMMENTS
නොනැවැත්තුවොත් තව වසර කිහිපයකින් රටේම ජනතාව කම්මුතුයි..
කම්මුතු වෙලා ඉන්නේ විෂ රසායනික පෝර හා කෘමිනාශක ගේන අයයි. ඒවායින් කොමිස් ගහන අයයි...
රෙද්දක් ඇඳන්ද අනිත් අයට ලැජ්ජාව ගැන කියන්නේ? මෙලෝ රහක් නැති චරිත මේවා...!
ඔයාගේ ලොක්කා කුඹුරු අක්කර ලක්ෂයක් ගොඩකරන්න ඕනේ කිව්වා. වී අස්වැන්න වැඩි නිසා. ඒ කාලේ වගාව කම්මුතු වෙන්න යනවා කියලා දැනුණේ නැතිද? වී අලෙවි මණ්ඩලය ඉවර කරලා දැම්මේ කවුද? ජනතාව ඔයාලව කුණු කූඩෙට දමලා ඉවරයි.
ජනතාවට අවශ්‍ය එයයි.
මෙගොල්ලො තමයි රටේ ජනතාවට වස කවලා මුදල් හමිබ කරපු මංකොල්ල කාරයො.රටේ මිනිස්සුන්ට හෙන ගැහුවත් කමක් නැහැ තමන්ගේ මඩිය තර වෙනවානම් ,අනේ මෙහෙමත් කාලකන්නි .බල්ලො මරලා හරි කමක් නැහැ සල්ලි හම්බ කරන්න පුළුවන් නම්,නේද
මිනිහා කවුරු වුණත් කතාව ඇත්ත, මේ මහත්වරු පොඩ්ඩක් තේ වගා කරන පැත්තකකට ගිහින් හෙමිහිට හොයලා බලන්න. මොනවද කියන්නේ කියලා...?
මේ දෙගොල්ලොම එකම කාසියේ දෙපැත්ත.