(නිමන්ති රණසිංහ සහ ඉන්දිකා රාමනායක)
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
හිටපු අමාත්‍යවරයාට ඇතිවූ හදිසි රෝගී තත්ත්වය හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණු බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
මේ වන විට පොලිස් ආරක්ෂාව මැද ඔහු ප්‍රතිකාර ලබන බව ද හෙතෙම පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අහිංසකයා..!!!
ගෙදර වැඩ කරපු දරුවා මැරුණු දුකට වෙන්න ඇති...
සාමාන්‍ය සිරිත එයයි.
ඕක ඉතින් හැම දේශපාලකයෙකුටම අත්අඩංගුවට ගත්තාම හැදෙන රෝගෙනේ.. ඕකට දොස්තර බෙහෙත් හරියන්නේ නැහැ. ඇප ලැබුණු ගමන් සනීප වෙනවා.
සිය දිවි නසාගත් බාල වයස්කාර දැරිය දූෂණයට ලක්වුණු බව හෙලිවුණාම බය වෙන්න ඇති...
ළඟදී ඡන්දයක් එනවා වගේ... බයියන් තමයි ඉන්නේ...