IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


රිෂාඩ්ගේ විල්පත්තු පෙත්සම විභාගයට දින

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ

අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ,පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කළ විශේෂ අභියාචන පෙත්සම පෙබරවාරි 03 වැනිදා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (22) දින නියම කළේය.

විල්පත්තු වන රක්ෂිතයේ භූමිය එළි පෙහෙළි කර ජනාවාස ඇති කළ ප්‍රදේශයට සමාන වපරිසයක තම පෞද්ගලික වියදමින් යළි වන වගාවක් කරන ලෙසට අභියාචනාධිකරණය ලබා දුන් නියෝගය බලරහිත කරන ලෙස ඉල්ලා මෙම පෙත්සම ගොනු කර ඇත.

මෙම පෙත්සම මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයි රාජා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවූණි.

ඒ අනුව අදාළ පෙත්සම විභාගය සඳහා පෙබරවාරි මස 03 වනදා කැඳවීමට එහිදී විනිසුරු මඩුල්ල නියම දින නියම කෙරිණිත

හිටපු අමාත්‍ය රිෂාඞ් බදුර්දීන් මහතා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පාරිසරික යුක්ති කේන්ද්‍රය , වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් , මධ්‍යම පරිසර අධිකාරිය,වන ජීවී අධ්‍යක්ෂක ජනරාල් , ඉඩම් කොමසාරිස් ජනරාල් , පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් , මන්නාරම දිස්ත්‍රික් ලේකම් , පරිසර හා මහවැලි සංවර්ධන අමාත්‍යවරයා සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.



අදහස් (12)

රිෂාඩ්ගේ විල්පත්තු පෙත්සම විභාගයට දින

Prase Friday, 22 October 2021 06:55 PM

මාර වැඩේ... මෙහෙම වැරැදිකාරයෝ නඩුදාන්න ගියොත්, උසාවිය දෙන තීන්දු විහිළුවක් වෙනවා.

:       3       9

NaushiSaturday, 23 October 2021 08:35 AM

මිනීමරුවන් ජනපති සමාව දීලා නිදොස්කොට නිදහස් වෙන පාලනයක මේවා අගාධයට ගිහින් ගොඩක් දවස්...

:       0       0

BamunuarachchiSunday, 24 October 2021 02:23 PM

කවද්ද ඉපදුනේ...? මිනීමරුවන් දෙදෙනෙකුට එකවර නිදහස දුන්නේ 1977 කාලේ ජේ.අාර් ජයවර්ධන ජනාධිපති. ඒ කාලේ ඔහේ ඉන්න ඇත්තේ තාත්තා ගාව වෙන්න ඕනේ....

:       0       3

Bamunuarachchi Friday, 22 October 2021 09:46 PM

කතා දෙකක් නැහැ... අමුඩේ ගස්සලා ගස් හිටුවන්න දමන්න...

:       6       4

arschfikaaSaturday, 23 October 2021 12:47 AM

රිශාද්ට විල්පත්තුව විනාශ කරන්න කිවුවේ ඔබයි

:       0       0

BamunuarachchiSaturday, 23 October 2021 07:30 AM

කැලෑ කැපුවා හරි... කෝ ලී?

:       0       0

NaushiSaturday, 23 October 2021 08:37 AM

රිෂාඩ් එක්ක එයාගේ ගුරාවන බැසිල්වත් එකතු කරගත්තොත් අගේට තිබේවි...

:       0       0

BamunuarachchiSunday, 24 October 2021 02:20 PM

බැසිල් තමයි මේ ගොයියට අමුඩේ ගස්සන්නේ. මොකද ප්‍රශ්නයක්ද?

:       0       1

sg Saturday, 23 October 2021 12:08 AM

ශ‍්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ යහපත් විශ්වාසයක්, සමතුලිතතාවක් සහ ස්වාභාවික යුක්තිය දැක ගැනීමට හොඳ අවස්ථාවක්.

:       0       0

sam Saturday, 23 October 2021 07:30 AM

මේ ආණ්ඩුවේ බොරු ෂෝ එකක්. හෙට අනිද්දා කොමිසමුත් එක්ක ඩීල් එකක් දාලා අත යටින් ගාණක් අරගෙන සාක්කි නැහැ කියලා මෙයාවත් නිදොස්කොට නිදහස්කරයි.

:       0       0

කිරි පුතා Saturday, 23 October 2021 09:30 AM

ඇත්තටම මෙහෙම ගියොත් හැම වැරදි කාරයෙක්ම නීතිය විහිළුවක් කර ගන්නවා. .

:       0       2

kumarage Saturday, 23 October 2021 09:58 AM

නිදොස්කොට නිදහස්.. අපේ රටේ සෙල්ලම් බෑ.. හැමෝටම එක නීතියක්...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31187 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13350 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10966 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 67 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 899 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 269 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site