(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාගේ නිවසේ සිටි 16 හැවිරිදි දැරිය පිළිස්සී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම ඉක්මනින් පියවර ගන්නා බව මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා මේ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එම 16 හැවිරිදි දැරිය නොකඩවා ලිංගික අතවරයට ලක්ව ඇති බව අධිකරණ වෛද්‍යවරයාගේ වාර්තාවේ පැහැදිලිවම සඳහන් වන බවත් පොලීසිය ඒ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ අරඹා ඇති බවත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය.
පොලිසිය දැන් ඒ දැරියගේ නිවසවලටද ගොස් ඇති බව පැවසූ ඇමැතිවරයා මේ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් පියවර ගන්නා බවත් පැවසුවේය.
මේ දැරිය පිලිස්සීමෙන් රෝහල් ගතකර දින දෙකකට පසු මියගොස් ඇති හෙයින් තමා මේ පිළිබඳව තොරතුරු දැනගැනීමට කැමති යැයිද අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රකාශ කළේය.
COMMENTS
පරීක්ෂණේට අබ සරණයි කියලා තමයි කියන්න තියෙන්නේ...
අර මහා පරිමාණයේ කුඩු මුදලාලිලාගේ පින්තූර පත්තරේ දානවා කිව්වා වගේ වෙන එකක් නෑ මේක නම්..!.
පුස් වෙඩිල්ලක්...
ඔය මොන පරීක්ෂණය කළත් අවසානයේදී සාධාරණයක් වෙයි කියලා හිතන්න බෑ ඒ අහිංසක ළමයට.
කඩිනම් කියන්නේ අවුරුදු කීයකින්ද? මේකෙත් කතාව විතරක් සීමා වෙයි. අනේ මගේ රට...
ආචාර්ය උපාධිය හෑල්ලුවට පත්වීම ගැන හරිම කණගාටුයි. ආචාර්යවරු කී දෙනෙක් නිවට විදිහට එක පවුලක කුණු භෝදමින් මහජනතාවට ද්‍රෝහීකම් කරනවද?
ඔන්න තවත් චාන්ස් එකක් හැකියාව පෙන්වන්න...
නුඹව දැක්කත් හිනා යනවා... අපේ රටේ අවාසනාව... !!