IMG-LOGO

රිෂාඩ්ගේ කතාවකින් මැතිසබය උණුසුම් වෙයි

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රිවරයා අත්අඩංගුට ගෙන රඳවාගෙන  සිටීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මන්ත්‍රීවරුන් අතර මතුවූ සංවාදයක් හේතුවෙන් මැතිසබයේ උණුසුම් තත්වයක්  අද (4) පෙරවරුවේ ඇතිවිය.

මේ සිද්ධිය ඇතිවූයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද මැතිසබයේ සිය අසුනේ සිටියදීදය.

මේ උණුසුම් තත්වය  දිගු වේලාවක් පැවතීම නිසා සභාව පාලනය කර ගැනීමට කතානායකවරයාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූයේය.

මේ එහිදී ඇතිවූ සංවාදයයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයා දින සීයක් තිස්සේ රඳවාගෙන සිටිනවා.තවම චෝදනා පත්‍රයක් නැහැ.එතුමා අත්අඩංගුවට ගන්නවා  කියලා කතානායකවරයාට දැනුම් දීලත් නැහැ. එතුමාගෙ නඩුව අවස්ථා හතරකදී කල් දැම්මා. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදාය මෙතනටත් අදාලයි. මේ සිද්ධියෙන් එතුමාගෙ වරප්‍රසාද කඩවෙලා තියෙනවා. එතුමා නිදහස් කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා:

එතුමා අඩංගුවටගන්න බව මට දැනුම් දීලා තියෙනවා.

කිරිඇල්ල මහතා :

මොකක්ද හේතුව

කතානායක:

පරීක්ෂණ කටයුත්තකට.

කිරිඇල්ල මහතා:

පරීක්ෂණ කටයුත්තකට කියලා  කියන්න බෑ. හේතුව කියන්න ඕන.

(සභාවේ ඝෝෂා)

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

එදා අපි අත්අඩංගුවට ගත්තා. අන්න ඒවට නම් හේතු නෑ.  අපි  අත්අඩංගුවට ගන්නකොට හිටපු කතානායකතුමා වචනයක් කතා කළේ නෑ. එතකොට තිබුණු සම්ප්‍රදාය මොකක්ද.

කිරිඇල්ල මහතා:

මේක අපි දෙගොල්ලටම බලපානවා.ඔබලාටත් ඉදිරියේදී මෙහෙම දේවල් වෙන්න පුළුවන්.

සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා:

රිෂාඩ් බදුර්දීන් මන්ත්‍රීවරයාට එරෙහිව පරීක්ෂණයක් යනවා. පරීක්ෂණයක් යද්දි තවත් පරීක්ෂණයක්. ඒවා නිරවුල් වෙන්න ඕන.බොරුවට මෙතන කෑ ගහලා වැඩක් නෑ.

(සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරු කෑ ගසති.)

රිෂාඩ් බදුර්දීන් මහතා:

අද වෙනකොට මම අත්අඩංගුවට අරගෙන දින අනූ දෙකක් වෙනවා.පරීක්ෂණ ගියේ දින පහයි.කළුවර කාමරයක දාලා ඉන්නවා පැය 24 පුරාම. මාව අත්අඩංගුවට ගන්න කිසිම හේතුවක් නෑ, ජනාධිපතිතුමනි. මගේ අමාත්‍යාංශයේ බාලසුබ්‍රමනියම් කියලා අතිරේක ලේකම් වරයෙක් හිටියා. එයා ටෙලිෆෝන් එකෙන් කරපු කතාවකට තමයි මම අත්අඩංගුවට ගත්තේ.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා:

මෙතුමා බාලසුබ්‍රමනියම් කියන කෙනෙක් ගැන කිව්වා. එතුමා දැන් රට පැනලා ඉන්නේ. ඒකත් දැනගන්න.

(මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා අගමැතිවරයා සමග  කුමක් හෝ කතා කරනු දක්නට ලැබිණ.)
.

 

 



අදහස් (8)

රිෂාඩ්ගේ කතාවකින් මැතිසබය උණුසුම් වෙයි

කිරිපුතා Wednesday, 04 August 2021 04:14 PM

උන්නැහේගේ ගෙදර දූෂණය කරලා මැරිලා ගිය දරුවන් ගැනවත් ප්‍රශ්නයක් ඇහුවද කියලා මං බැලුවේ. අනේ නෑ මෙයාලා ඒක දන්නේම නෑ..

:       11       209

fairoosWednesday, 04 August 2021 06:06 PM

විමල් මන්ත්‍රීතුමාගේ ගෙදරත් මොකක්ද වුණා දන්නවද?

:       60       5

PradeepWednesday, 04 August 2021 09:55 PM

වෙන්න ඇති නමුත් මෙතන කතා කලේ විමල් ගැන නෙමෙයි රිෂාඩ් ගැනයි. රිෂාඩ් ගැන කතා කරලා පස්සේ ඕන නම් විමල් ගැනත් කතා කරමු. මොකද කවුරු කලත් වැරැද්ද නම් වැරැද්දමයි. ඔබට වගේ අපට ජාති බේදය වැදගත් නෑ. ඔබේ අදහසෙන්ම පෙනෙනවා ඔබ කවුද කියලා.

:       0       0

BamunuarachchiWednesday, 04 August 2021 11:38 PM

ඔව් දන්නවා. මොකක්ද ප්‍රශ්නය? විමල්ට රෝමන් ඩච් නීතිය මෙයාට අසාද් සාලී ඉල්ලපු ෂර්යා නීතිය. තව ප්‍රශ්න තිබෙනවද?

:       1       2

කපිල Wednesday, 04 August 2021 06:36 PM

දැන් රිෂාර්ඩ්ගේ එක කකුලක් ආණ්ඩුව පැත්තේ... අනික සජබ පැත්තේ. දෙගොල්ලන්ම මොකුත් කියන්නේ නෑ. ආණ්ඩුවට 2/3 තියාගන්න මෙයා ඕනෑ. විපක්ෂයට තියෙන ආසන ටික තියාගන්න මෙයා ඕනෑ. ඕකයි ඇත්ත. ඒ නිසා එතුමා සහ පවුලේ අය නිදහස් වෙනු ඇත...

:       0       4

Sri Lanka Wednesday, 04 August 2021 07:58 PM

රට හදන තැනට හිරේ ගිය, මිනීමරුවන් ආපදාකාරයින් එනවා කියන්නේ රට ගැන හිතන්න පුළුවන්...

:       0       0

Bamunuarachchi Wednesday, 04 August 2021 11:34 PM

හේතුව තමයි හළෝ එයාගේ අහේතුව. පාස්කු බෝම්බයේ හවුල් කරුවන්ට රිදිලාවගෙයි. හේතු හොයනවා.

:       1       2

Rohan Wednesday, 04 August 2021 11:38 PM

ඔය වගේ පාපතරයන් තවත් තමන් වගේ පාපතරයන්ව බේරගන්න උත්සාහ කිරීම පුදුමයට කරුණක් නොවේ

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 783 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1204 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site