IMG-LOGO

2024 ජුලි මස 19 වන සිකුරාදා


රවි විද්‍යාලංකාරගේ බිරිඳ - පුත්‍රයා එෆ්සීඅයිඩීයට කැඳවීම ජනපතිවරණයෙන් පසු

(රංජන් කස්තුරි)

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ රවි විද්‍යාලංකාර මහතාගේ බිරිඳ සහ පුත්‍රයා මූල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවීම ජනාධිපතිවරණයෙන් පසුව සිදුකරන්නැයි මැතිවරණ කොමිසන් සභාව වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිසන් සභාව එම දැනුම්දීම කර ඇත්තේ රවී විද්‍යාලංකාර මහතාගේ පුත්‍රයා විසින් මැතිවරණ කොමිසන් සභාවට කරන ලද පැමිණිල්ලකට ප්‍රතිචාර දක්වමිනි.

මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති විශ්‍රාමික රවී විද්‍යාලංකාර මහතාගේ පුත් අසේල ජයම්පති රාජසුන්දර විද්‍යාලංකාර මහතා මැතිවරණ කොමිසමට පැමිණිලි කරමින් ඉල්ලා ඇත්තේ තමාට සහ තමන්ගේ මවට මේ මස 4 සහ 5 යන දිනයන්හි මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබා දෙන ලෙස දන්වා තිබෙන බවය.

තමන් සහ මව එම දිනවල මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණ ප්‍රකාශ ලබාදීම පිළිබඳව මාධ්‍ය මගින් විශාල ප්‍රචාරයක් ලබාදෙන ඇතැයිද එමගින්  ජනාධිපතිවරණයේ අපේක්ෂකයකුට විශාල වාසියක් සිදුවන බවද එම පැමිණිල්ලේ සඳහන් කරන අසේල විද්‍යාලංකාර මහතා තමාට සහ මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණීම ජනාධිපතිවරණය නිමවූ පසුව එනම් මේ මස 20 වැනිදායින් පසුව සිදුකරන ලෙස ඉල්ලීමක් කර තිබේ.



අදහස් (14)

රවි විද්‍යාලංකාරගේ බිරිඳ - පුත්‍රයා එෆ්සීඅයිඩීයට කැඳවීම ජනපතිවරණයෙන් පසු

kumarri Friday, 01 November 2019 08:21 PM

හරිම කපටි මිනිස්සු.

:       0       1

sam Friday, 01 November 2019 09:16 PM

අසත්‍ය ප්‍රචාරයක්, අසත්‍යය බව සඟවා එහි වාසිය ඒ අපේක්ෂකයාට ලබා දීමට,මැතිවරණ නීතියේ පිහිට ලබා ගැනීම සාධාරණීකරණය කරන්නේ කොහොමද ?

:       1       1

mahinda Friday, 01 November 2019 11:03 PM

එහෙනම් ලෝකයේ සියලුම පොලිස් පරීක්ෂණ කල්දාන්න ඕනේ.. විහිළු තමයි. ඡන්දෙයි, නීතියයි අදින්න හදනවා...

:       0       159

මුණසිංහ Saturday, 02 November 2019 01:26 AM

රවි මහත්මයා කරුණු හෙළිදරව් කළාට පස්සෙද.. කලු සල්ලි ප්‍රශ්නෙ මතු වුනේ..? ඊට පස්සෙද මේක හොයා ගත්තේ...? සිද්ධියේ ඇත්ත නැත්ත කොහොම වෙතත් මේක තනිකරම පළිගැනීමක්...

:       117       82

Duppatha Saturday, 02 November 2019 01:50 AM

ප්‍රකෝටි ගණන් මහජන මුදල් හොරාකාපු නඩු ඔක්කොම උසාවියෙන් ප්‍රතික්ෂේප වුනේ ඒ නඩුවල ඉදිරිපත් කරපු පොලිස් වාර්තා වැරදි නිසා. මේවට මේ නිලධාරින් සම්පූර්ණයෙන් වගකියන්න ඕනේ... රටේ රාජ්‍ය නිලධාරින් මෙහෙම නම්... අපේ රටට අබසරණයි.

:       57       318

saliya Saturday, 02 November 2019 03:24 AM

අපේ ඡන්දය, අවසාන ප්‍රතිඵලය කෙරෙහි වඩාත්ම බලාපොරොත්තුවෙන් ඉන්නේ චූදිතයන් රැසකි. ඔවුන් සියල්ල නිදොස් වීමට, නඩු වලට වඩා, තම අපේක්ෂකයාගේ ජයග්‍රහණය කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටියි. ඉදිරියේ දී සිදුවන දේ ඉතා පැහැදිලියි.

:       21       406

Hafeel Saturday, 02 November 2019 04:57 AM

එහෙමනම් පුතා දන්නවා පියාගේ බරපතල කම්... මේ අපේක්ෂකයා එක පැත්තෙන් නඩු අහන්න දෙන්නේ නැහැ. තහනම් නියෝග ගන්නවා. අධිකරණයත් ඔහු ඉල්ලන නියෝග දෙනවා. අනිත් පැත්තෙන් මේ තහංචියක්. ඔහු බලයට අාවොත් රටට අධිකරණ පද්ධතියක් අවශ්‍ය නැහැ. කැලේ නීතිය තමයි ඉතින්.

:       140       1018

de silva Saturday, 02 November 2019 06:54 AM

දැන් බලාගෙන ගියාම ඕනෙම රජයේ නිලධාරියෙකුට ඕනෙම හොරකමක් කරලා පොලිසියෙන් අල්ලන්න එනකොට කියන්න පුළුවන්නේ ඡන්දෙන් පස්සේ එන්න කියලා, මේක මහවිකාරයක්.. විශාල ජාත්‍යන්තර හොරකමක් කරලා, අල්ලන්න කියලා පිටරටකින් සවිස්තර වාර්තාවක් දීලා තිබෙනවා. මේකට ඡන්දෙත් එක්ක තිබෙන සම්බන්ධතාවය කුමක්ද? මොහු ඡන්දෙ ඉල්ලන්නේ නැහැනේ? ඡන්දෙන් පස්සේ මේ ගොල්ල හොයනකොට අර අර්ජුන මහේන්ද්‍රන් වගේ පිට රටකට පැනල හැංගිලා ඉඳීවි..

:       0       518

wije Saturday, 02 November 2019 07:56 AM

වැරදි හොයන්නත් නැකතක් තියනවද? මරු රටක් මේක.. වැරැදි නැතිනම් බොරුවට කල්මරන්න අවශ්‍ය නැහැ නේද උගත් පුරවැසියනි...

:       0       240

Rata Perata Saturday, 02 November 2019 08:23 AM

ලොකුම ගොට්ටා තමයි මැකෝ.. ස්වාධීන මැතිවරණ කොමිසම නෙමෙයි, රාජපක්ෂ මැතිවරණ කොමිසම කියලා නම වෙනස් කරන්න ඕනෑ.

:       136       271

de silva Saturday, 02 November 2019 11:27 AM

බටහිර රටවල නම් මෙවැනි විශාල වංචාවක් කළ බවට සාධාරණ සාක්ෂි තිබෙනවා නම් නීතිපති දෙපාර්තමේන්තුව කරන්නේ, කාර්යාල සෝදිසි කිරීමට සහ අවශ්‍ය පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට අධිකරණ නියෝගයක් අරන් ගිහින් අදාල පුද්ගලයන් සහ ලියකියවිලි, පරිගණක දත්ත ගබඩා අත්අඩංගුවට අරන් උසාවියට ඉදිරිපත් කිරීමයි. මේ විදිහට ඡන්දෙන් පස්සේ එන්න කියන්නේ නැහැ. එහෙම කළාම සියලුම සාක්ෂි විනාශ කිරීමට සහ පරීක්ෂණ කරන නිලධාරීන්ට බාධා කිරීමට ඕනේතරම් කාලය තිබෙනවා. මෙතැනදී පොලිසිය කෙලින්ම සැකකරුවන්ට වාසිවෙන විදිහට ක්‍රියාකරන බව පේනවා. මේ සැකකරුවන් දෙදෙනාම ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. මේ ප්‍රශ්නය ඡන්දයට කිසිම සම්බන්ධයක් නැහැ.

:       0       207

Prabha Saturday, 02 November 2019 12:29 PM

ඔබේ කතාව හරියටම හරි. මේ කාලය ඇතුළත සාක්කි සියල්ල විනාශ කරාවි.

:       0       252

kujitha Saturday, 02 November 2019 02:59 PM

ඔව් ඔව් එහෙම කොහොමද ? නැත්නම් සාධාරණය ඉෂ්ඨ වෙයිද?

:       1       0

de silva berlin Saturday, 02 November 2019 06:55 PM

බොහෝ රජයේ සේවකයන් තමන්ට ව්‍යාපාර කටයුතු වල යෙදෙන්න තහනම් බව දන්නා නිසා ව්‍යාපාර කරන්නේ භාර්යාවගේ, දරුවන්ගේ සහ සහෝදර සහෝදරියන්ගේ නමින්. අනිවාර්යයෙන් මේ ජාවාරමට පොලිස් නිලධාරියා හවුල්.

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

ප්‍රා.මන්ත්‍රීගේ පුතා වනජීවී වතුර මෝටරයට විදලා
2024 ජුලි මස 19 1 0

මාතලේ හෙට්ටිපොළ වනජීවී කාර්යාලයේ ළිඳක වතුර මෝටරයක් සොරාගෙන අලෙවි කළේ යැයි කියන විල්ගමුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකුගේ පුත්‍රයකු ඇතුළු තරු


ව්‍යවස්ථා සංශෝධනවලට බය වෙන්න එපා
2024 ජුලි මස 19 257 0

ජනාධිපතිවරණය නිසි කාලයේදී පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මාධ්‍ය ආයතන හිමිකරුවන් හමුවේ අද (19) පැවසීය.


බසයක් පෙරළී 52ක් රෝහලේ
2024 ජුලි මස 19 210 0

යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන ප


බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක්
2024 ජුලි මස 19 467 0

බිත්තරයකින් රුපියල් 25ක අයුතු ලාභයක් නිෂ්පාදකයින් විසින් ලබාගන්නා බවට බිත්තර වෙළෙඳ සංගමය චෝදනා කරයි.


විසි දෙක ගැසට්ටුව පිටවේ
2024 ජුලි මස 19 1083 0

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් එහි වෙබ් අඩවියේ ඊයේ (18) ප්‍රසිද්ධියට පත් කරනු ලැබීය


ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්
2024 ජුලි මස 19 923 0

ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 145 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1024 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1897 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site