IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


රවී කරුණානායකට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

(නිමන්ති රණසිංහ)

සතොස වැඩබැලූ සාමාන්‍යාධිකාරිවරයකුට එරෙහි අල්ලස් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබා දීම සඳහා හිටපු වෙළෙඳ හා පාරිභෝගික කටයුතු ඇමැති රවී කරුණානායක මහතාට ලබන 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (04) නියෝග කළාය.

ආනයනික සුදු කැකුලු සහල් විකිණීමේ කි‍්‍රයාවලියේදී මිල දර්ශකයකට පටහැනිව සහල් මෙට්ටි‍්‍රක් ටොන් 1000ක් විකිණීමට නියෝග කර රුපියල් මිලියන 04ක් රජයට පාඩු කළැයි එවකට සතොස වැඩබැලු හිටපු සාමාන්‍යාධිකාරි සුනිල් මිලේතියස් විමල් පෙරේරා මහතාට එරෙහි අල්ලස් නඩුව අද (04) විභාගයට ගත් අවස්ථාවේදී මෙම නියෝගයක නිකුත් විණී.

මෙම සිද්ධියට අදාළව සාක්ෂි ලබා දීම සඳහා අමාත්‍ය රවී කරුණානායක මහතා අද (04) පෙරවරුවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ. එසේම තම සේවාදායකයාට පෙරවරු 11.00ට පාර්ලිමේන්තුවේ දී කතානායකවරයා මූලිකත්වයෙන් පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමක් සඳහා සහභාගීවීමට අවශ්‍ය බැවින් සාක්ෂි විභාගය සවස් වරුවේ පවත්වන ලෙසට සාක්ෂිකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ අනුව අධිකරණයේ අවසරය මත සාක්ෂිකාර රවී කරුණානායක මහතා අධිකරණයෙන් පිටව ගියද  අද (04) පස්වරුවේ නැවත අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

නොරොච්චෝලේ ජාතික විදුලිබලාගාරයේ පැවැති හදිසී රැස්වීමක් සඳහා තම සේවාදායකයා පිටත්ව ගිය බැවින් නඩුව කල් දමන ලෙසත් එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමේ වගකීම තමන් භාරගනු ලබන බවත් නිතීඥ සජිත ජයවර්ධන මහතා අධිකරණයට දැනුම් දෙනු ලැබීය.

 



අදහස් (3)

රවී කරුණානායකට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටීමට නියෝග

Raveendra Friday, 04 January 2019 02:08 PM

මහජන මුදල් හොරා කාපු තක්කඩින්ට නිතරම අමතකවෙන ලෙඩේ සෑදෙන නිසා මෙයා 11 වෙනිදා අල්ලපු ගෙදර වැසිකිලි වල සුද්ද කරන්න ගියා කියයි..

:       87       438

Bamunuarachchi Saturday, 05 January 2019 12:01 AM

මේවගේ තක්කඩින් දේශපාලනයෙන් අතුගා දමන්න ඕනේ...

:       0       35

Hafeel Saturday, 05 January 2019 12:30 PM

රටේ සාමාන්‍ය පුරවැසියකුට අධිකරණය මෙහම සළකනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site