( මහීක වීරරත්න)
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවූ බවත් ඔහුගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ මහතාට පිරිනැමීමට තීරණය කර ඇති බවත් නලීන් බණ්ඩාර මහතා අද(28) පැවසීය.
 
රවී කරුණානායක මහතා මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කිරීමට සූදානමින් සිටිනා බවට පළවන ප්‍රවෘත්තිවල සත්‍යතාවයක් තිබේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් බණ්ඩාර මහතා ඒ බව පැවසීය.  ‘මේ දැනුත් එතුමා ඉන්නේ අරලියගහ මන්දිරේ‘‘ යනුවෙන් ඔහු පැවසීය.
 
නලීන් බණ්ඩාර මහතා මේ බව පැවසුවේ අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදීය.