(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හිටපු අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ කොළඹ 7, මලලසේකර මාවතේ පිහිටි නිවසින් රුපියල් ලක්ෂ 60ක මුදලක් සොරා ගැනීම සම්බන්ධයෙන් ඊයේ (28) පැමිණිල්ලක් ලැබී ඇතැයි කුරුදුවත්ත පොලිසිය කියයි.
ඉකුත් ජූනි මස 10 වැනිදින තම සැමියා වූ රාවුෆ් හකීම් මහතා විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා පුද්ගලයෙකුගෙන් ලක්ෂ 60 ක මුදලක් ලබා ගෙන එය තමා වෙත ලබා දුන් බව රාවුෆ් හකීම් මහතාගේ බිරිඳ පැමිණිලි කර ඇතැයි පොලිසිය කියයි.
එම මුදල නිදන කාමරයේ ඇඳ යට තිබෙන බෑගයේ දැමූ බවත් දින නවයකට පසු එනම් 29 වැනිදා බෑගය විවෘත කර පරීක්ෂා කිරීමේදී එම මුදල් නොතිබූ බවත් කිසියම් අයෙක් එය අවුස්සා ඇති බවට දැක ගත හැකි වූ බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.
එදින නිවසේ සේවය කරන සේවිකාවන් තිදෙනාගෙන් ඒ පිළිබඳව විමසූ බව ද ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
ඉකුත් 25 වැනි දින නිවසේ වැසිකිලිය උතුරා යාම හේතුවෙන් ගලි වල ශුද්ධ කිරීමේදී ඉරී ගිය රුපියල් 5000 මුදල් නෝට්ටු දෙකක් හමු වූ බවත් එම නෝට්ටු දෙක ගලි වල ශුද්ධ කිරීමට පැමිණි පුද්ගලයන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.
නැවත දින තුනකට පසුව ගලි වල උතුරා යාම හේතුවෙන් කොළඹ මහ නගර සභාවේ ගලි බවුසරයක් ගෙන්වා ගලිවල ශුද්ධ කිරීමේදී රුපියල් 5,000 මුදල් නෝට්ටු කොටස් හමු වූ බවත ඇය කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.
නිවසේ සේවය කළ සේවිකාවන් තිදෙනාගෙන් දෙදෙනෙකු මීට දින කිහිපයකට ඉහතදී නිවසින් පිට වී ගිය බවද ඇය කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව පොලිසිය පැවැසීය.
COMMENTS
Reply To:
-
වැසිකිලි වලේ 5000 නෝට්ටු
යමෙක් පොලිසියට කරන පැමිණිල්ලක් මාධ්‍යට දීමට පොලිසියට ඇති නිත්‍යානුකූල අවසරය කුමක්ද?
නීතිය දන්නා කෙනෙක් මේක පැහැදිලි කරන්න. මටත් තියෙන ප්‍රශ්නයක් ඕක...
එතකොට අර විමල්ව ගත්ත විදියටම අපේ පොලිසිය හකීම්වත් අත්අඩංගුවට ගනියිද ප්‍රකාශ කල නොහැකි වත්කම් උපයාගත්තට??
වාහනයක් ඇත්තටම විකුණාලාද කියලා හොයන්න ඔක්කොටම ඉස්සෙල්ලා. ලක්ශ හැටක් ඇද යට දවස් ගණන් තියන් හිටියා කියන එකත් පුදුමයි.
එක පුදුම ගලියක්නෙ දවස් තුනකට සැරයක් බවුසරයකින් සුද්ධ කරන්න බොරුව හරියට ගොතා ගන්න බැරිව කියනවා.
ලක්ෂ 60ක් මොකද ඇඳ යට තිබුනේ කෙරුවේ කියලා පොලිසියට අහන්න අයිතියක් තියනවා. මෙවැනි ලොකු මුදලක් ඇඳ යට තබා ගැනීම, නීතියෙන් තහනම් !
සිද්දිය කියවනකොටනම් අපබ්‍රන්සයක් නමුත් රටක මුදල් පාලනය ක්‍රමානුකුලව සිදුනොවන නිසා ප්‍රශ්න ඇතිවෙනවා රුපියල් 5000 කට වඩා ගනුදෙනු කිරීමෙදී චෙක්පත් හෝ බැංකු කාඩ්පත පාවිච්චිය රටට හදුන්වා දිය යුතුයි.
අනේ මං දන්නේ නෑ, මගේ හිතට නම් මොකද්දෝ දැනෙනවා, මේ ඇමති උදවියගේ කල් කිරියාවන් දිහා බලන කොට. මට විතරද දන්නේ නෑ එහෙම හිතෙන්නේ.
ඇලඩින්ගේ පුදුම පහන ගලිය ඇතුලේ පත්තුවෙනවද කවුද දන්නේ? එ්කෙන් 5000 කොළ මතුවෙනවා ඇති...
එක්තරා ජාතියකට අයත් මිනිසුන් ලඟ අසාමාන්‍ය විදියට මුදල් ගැවසෙන්නේ කොහොමද?
මට නම් මේකට කියන්න තියෙන්නේ, 'ඇඳ යට බැංකුව' කියලයි.
බොරු වැලක් නේද? ඇමැතිනේ? ඉස්ස ඉස්සෙල්ලාම බලන්න ඔය කියන වාහනය විකිණුවාද කියලා. මෙහි ලියා තිබෙන විදියට නම් මෙය අත්තිකාරම් මුදලක්... ආදායම් බදු දෙපාර්තුමේන්තුව, නිසි බදු? බවුසරයකින් අදින්න තරම් ලොකු ගලිවලක් ගෙවත්තක තිබිය හැකිද? අනික් කාරණය තමා එවැනි අවස්ථාවලදී අධි පීඩන වතුර විදිනය යොදවා ගලිවල සුද්ද කිරීම. ගෙදර හිටපු සේවකයින් දෙදෙනා අමාරුවේ දාන්න හදනවා වගේ? පඩිනඩි හරියට ගෙවලාද?
සූත්තර පුංචාගේ බත් බැලයෝ බයිලා කියනවා...
සල්ලිද දන්නෑ ඒ ගොල්ලෝ කන්නේ..? එ්කනේ 5000 නෝට්ටු එන්නේ. දිරවල නැතුව ඇති.
මට නම් ඔය සේරම උතුරන වැසිකිලි වලවල්. දවස් තුනකට සැරයක් මහජන වැසිකිළි වලක්වත් උතුරනවා කියලා අහලා නැහැ. මේ ගෙදර මිනිස්සු කනවට වඩා වෙන වැඩ කරනවා වගේ මට නම් දැනෙන්නේ...
අනුමානයක් නැහැ සල්ලි කාලා. නැත්නම් කොහොමද සල්ලි කොල...?
එක පුදුම ගලියක්නෙ ගලිය තිබුනේ ඇඳ යටද ? මම බලන්න ඕන අපේ ඇඳ යටත් ගලියක් තියෙනවද කියලා
මගේ ගලිවලත් අදම ඉහලා බලන්න ඕනෑ. කියන්න බෑනේ.
හකීම් ලා කියන්නේ පාරම්පරික ව්‍යාපාරිකයෝ . විමල් කියන්නේ JVP ඉන්නකොට කොමුනිකේෂන් කරපු කෙනෙක් . ඊට පස්සේ එකපාරට කෝටි ගණන් මුදල් ලැබිලා. අනිත් එක ලක්ෂ 60 කියන්නේ මේ දවස්වල හැටියට ඔය තරම් ලොකු මුදලක් නෙවෙයි .
වැසිකිලි වල මේ හැටි උතුරන එක ගැනත් හොයලා බලන්න වෙනවා.
විමල් වගේ කෙනෙක් මෙතනට ගාවන්න එපා . මිනිහ මුදල් වලට ඕන දෙයක් කරයි....
සල්ලි සල්ලි වලවල් උතුරන්න සල්ලි. හැමදාම ඇමතිකම්. කට ඇරියොත් ජාතිවාදය. වැඩ කරන්නෙ ජාතිය හොය හොයා.එහෙත් විරාජමානව වැජඹේ. වරද කාගෙද ?
මේගොල්ලෝ කාල මලපහ කරන්නෙත් 5000 නෝට්ටු !!
හරි පුදුම... ලක්ෂ 60 .... විකිණීමට නියමිතව මෝටර් රථයක් සඳහා..
මේ මුදල් උපයාගත් ආකාරයක් වහාම සොයා බැලිය යුතුයි. එසේම මෙම මුදල් උපයා ගැනීමට අදාලව ආදායම් බදු ගෙවා නොමැති නම් ඊට එරෙහිව කටයුතු කළ යුතුයි.
අයියෝ ෆුට් බයිසිකලයක් වත් ගන්න නො හැකි සොච්චම් මුදලක්නේ ?