(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
බත්තරමුල්ලේ පිහිටි තමාගේ නිවස කිසියම් පුද්ගලයකු විසින් අනවසරයෙන් රූප ගත කිරීම පිළිබඳව පරීක්ෂණයක් පවත්වන ලෙස හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද (25) කතානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
කොළඹ දිස්ත්‍රික් (එ.ජා.ප) මන්ත්‍රී රවී කරුණානායක මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතුකරමින් කතානායකවරයා වෙත එම ඉල්ලීම කළේය.
මාධ්‍යවේදියකු යැයි කියා ගත් පුද්ගලයකු අද (25) උදෑසන තමාගෙන් කිසිදු අවසරයක් නොගෙන ඩ්‍රෝන කැමරාවක් උපයෝගී කරගනිමින් මෙම රූපගත කිරීම කළ බවද කරුණානායක මහතා කීය.
මෙසේ රූපගත කිරීමකට කතානායකවරයා අවසර ලබාදුන්නේ දැයි කරුණානායක මහතා විමසීය. ඊට පිළිතුරු දුන් කතානායකවරයා කියා සිටියේ තමා කිසිවෙකුට එවැනි අවසරයක් නුදුන් බවයි. එසේම මේ පිළිබඳව පොලිසිය දැනුවත් කර අවශ්‍ය කටයුතු කරන බවද කතානායකවරයා කීය.
මෙහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම ප්‍රශ්නයට මැදිහත් වෙමින් රවී කරුණානායක මහතා ඉදිරිපත් කරන කාරණය ඉතා බරපතල එකක් බවත් එම නිවස එසේ වීඩියෝ ගත කර ඇත්නම් එය ප්‍රශ්නයක් බවත් කියා සිටියේය.
COMMENTS
කොයි ගෙදරද ? ඇලෝ ගෙන් ලැබුණු එකද නැත්නම් නෝනා කුලියට ගත්තු එකද දුවගේ ගෙදරද ? හරියට විස්තරයක් දෙන්න අපි නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නවා
ඔන්න විමලයත් රවි වෙනුවෙන්. බෝතලයට ගැලපන මූඩිය. තවත් කුණු කන්දක් තියන්නේ දියවන්නාවේ.
ඇ !! රටේ පොදු ජනතාවනම් දන්නවා ඉස්සෙල්ලම ඔවැනි දෙයකට කරන්න ඕනේ පළාතේ ඇති පොලිසියට හෝ අංක 119 ට කතා කර කියන එකයි කියලා. අපි දන්නා විදියටනම් පොලිසියේ රජකාරී කොටසක් තමයි මහජනයාගේ ආරක්ෂාව තහවුරු කරන එක.