IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි

( තිළිණි ද සිල්වා , රංජන් කටුගම්පොළ )

තමන්ව අත්අඩංගුවට  ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එකසත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා  ඇතුළු  පස් දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම් හි වැඩිදුර කරුණු තහවුරු කිරීම හෙට (11) දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය.

මෙම පෙත්සම් මහජන අවධානයට ලක්වූ කරුණක් හෙයින්  ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කැදවන ලෙස නීතිපති ගොනු කළ මෝසමක් සැළකිල්ලට ගනිමින් ත්‍රිපුද්ගල   අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක්  හමුවේ කැදවිණි.

මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු  ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න සහ විනිසුරු සෝභිත රාජකරුණා යන මහත්වරුන් හමුවේ කැදවිණි.

මෙම පෙත්සම් සම්බන්ධයෙන් නීතිපති මූලික විරෝධතාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම පෙත්සම් පවත්වා ගෙන යා නොහැකි බවත් , පෙත්සම්කරුවන් ඉල්ලා සිටින සහන ලබා දිය නොහැකි බව ද නීතිපති වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.

හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂයේ උප නායක රවී කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ සභාපති අර්ජුන් ඇලෝසියස්, මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන සංගරපිල්ලෙයි පදුමනාදන් සහ බදුගොඩ හේවා ඉන්දික සමන් කුමාර නැමැත්තන් විසින්   රිට් පෙත්සම් ගොනු කරනු ලැබූහ.

නීතීඥ ගෞරී තවරාසා සහ සුදත් පෙරේරා  නීතීඥ සමාගම ගොනු කර ඇති මෙම රිට් පෙත්සම් හී වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයා, වැඩබලන පොලිස්පතිවරයා , කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක , එම අධිකරණයේ  ඇතුළු පිරිසක් නම් කරනු ලැබ ඇත.

තමන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම වරෙන්තුව නිකුත් කර තිබෙන ආකාරය නීතියට පටහැනි බවත් , එබැවින් තම රිට් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් , එම පෙත්සම විභාගයට ගෙන අවසන් වන තුරු වරෙන්තුව ක්‍රියාත්මක වීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කාර හිටපු මන්ත්‍රී සහ එක්සත් ජාතික පක්ෂයේ උපනායක රවි කරුණානායක මහතා ඇතුළු පිරිස සිය පෙත්සම් වලින් ඉල්ලා සිටිති.

2016 වසරේ මාර්තු මස පැවති බැදුම්කර වෙන්දේසි දෙකක දී රජයට රුපියල් බිලියන 50කට වැඩි පාඩුවක් සිදු කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක, පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එහි සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පලිසේන සහ එහි අධ්‍යක්ෂ මණ්ඩල 11 අත්අඩංගුවට ගන්නා ලෙස ඉකුත් සිකුරාදා කොළඹ කොටුව අධිකරණය මඟින් වරෙන්තු නිකුත් කර තිබිණි.

පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන ෆයිස් මුස්තාෆා, නවීන් මාරපන, ජනාධිපති නීතීඥ රියන්සි අර්සකුලරත්න යන මහත්වරුන් පෙනී සිටි.

නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා පෙනී සිටි.



අදහස් (12)

රවීගේ නඩු විභාගය හෙටට කල් තියයි

Raveendra Wednesday, 11 March 2020 11:09 AM

හෙට වෙනතෙක් තක්කඩියන් එළියේය. හෙට විසින් අනිද්දාට කල් තබන්නේය. හරියට නිවාසාන්තර තරග වල සරඹ පුහුණුව වගේ. කල් බලන්... වම දකුණ වම....වම දකුණ වම... මෙහෙමත් නීතියක්....

:       18       217

ranjith Wednesday, 11 March 2020 11:10 AM

හැංගිලා නැවත උසාවියේ නඩු කියන්න එන්නේ කොහොමද ? ඉස්සෙල්ලා වරෙන්තු කරලා තියෙන මිනිහා උසාවියට බාරවෙලා ඉන්නේ එපැයි.

:       28       159

Raveendra Wednesday, 11 March 2020 11:15 AM

නැව්වත් ඉතින් නීතිය නැව්වේ ලොක්කන් ඉදිරියේයි. බලු උනත් නීතිය බලුවුනේ ලොක්කන් ඉදිරියේයි.

:       18       110

prakaash Wednesday, 11 March 2020 11:28 AM

මේ වගේ පට්ට හොරුන්ට දඬුවම් දිය යුතුය. මොවුන්ව අල්ලා ගැනීම පහසුවෙන් කළ හැකියි. නැත්නම් ජනතාවට තියෙන්නේ නීතිය අතට ගැනීමයි.

:       15       78

nishWednesday, 11 March 2020 01:04 PM

නීතිය අතට ගැනීමට අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ අතට දී තිබෙන මනාපය නිසිපරිදි පාවිච්චි කිරීමයි.

:       16       78

RaveendraThursday, 12 March 2020 01:52 AM

සහතික ඇත්ත. එය 225 ටම බලපෑමක් වියයුතු යන්න අපගේ අදහසයි.

:       0       1

මහසෙන් Wednesday, 11 March 2020 11:37 AM

වරෙන්තු කළා.. හැංගුණා.. නඩුවක් දැම්මා.. කල් ගියා.. සරලයි.. මේ ලංකාවේ නීතියයි.

:       31       190

Keppetipola Wednesday, 11 March 2020 12:25 PM

උසාවියෙන් අත්අඩංගුවට ගන්න වරෙන්තුවක් නිකුත් කළාම විත්තිකරුට හැංගිලා ඉදන් එම වරෙන්තුව බලරහිත කරන්න කියලා ඉල්ලන්න පුළුවන්ද? මේක මහා පුදුම නීතියක්නේ... උසාවිය තුට්ටු දෙකකට වත් ගණන් නොගෙන විත්තිකරු හැංගිලා ඉඳන් නීතිඥයන් මාර්ගයෙන් පෙත්සම් එවනවා උසාවියේ තීන්දුව බල රහිත කරන්න කියලා. මෙය උසාවියට කරන අපහාසයක් නොවේද? මෙයින් පැහැදිලිව පෙනෙනවා, විත්තිකරුවන්ගේ නීතිඥයන් විත්තිකරුවන් සැඟවී සිටින තැන දන්නවා කියා. උසාවියේ නියෝගය පරිදි විත්තිකරුවන්ගේ නීතිඥවරුන් ඔවුන්ගේ සේවාදායකයින්ව උසාවියට ඉදිරිපත් නොකර මේ නටන නාඩගම මොකක්ද? මේ නීතිඥවරුන් උසාවියටත් අපහාස කරනවා නේද? ඇයි පොලිසියට බැරි විත්තිකරුවන්ගේ මේ නින්දිත නීතිඥවරුන් අත්අඩංගුවට ගෙන ඔවුන්ගෙන් විත්තිකරුවන් සැඟවී සිටින තැන විමසා ඔවුන්ව අත්අඩංගුවට ගන්න... රටේ ජනතාවගේ මහා ධනස්කන්ධයක් මංකොල්ල කාපු මෙවැනි පාපතරයින්ට රටේ නීතිය හරිහැටි ක්‍රියාත්මක නොවන්නේ උසාවියේ විනිසුරුවන් සමග යටින් යන මෙගා ඩීල් නිසාද...?

:       19       324

Keppetipola Wednesday, 11 March 2020 12:29 PM

අපේ රටේ ඉන්න නීතිය දෙවිදියකට ක්‍රියාත්මක කරන විනිශ්චයකාර හොරුන්ව ඉස්සෙල්ලාම අත්අඩංගුවට අරගෙන හිරේට දාන්න ඕනෑ. මේ විනිශ්චයකාරවරු රටටම විහිළුවක් වෙලා....

:       42       376

MaheeThursday, 12 March 2020 08:14 AM

කැප්පෙටිපොළ මහතා, මසුරන් වටිනා කියමන. යකෝ ඉස්සරවෙලාම අහන්න එපාය මෙයා නීතිඥයින් පත්කරන්න අත්සන් කළේ කොහේ ඉඳන්ද කියලා. ඒක අහන්නේ නැතුව නඩුව අහනවා. අනේ රන්ජන්, ඔබේ කට වහන්න මේ ඔක්කොම මේ තරම් පොරකන්නේ මොකද කියන එක තව තවත් තහවුරු වෙනවා. ඔබ නඩුකාරයින් ගැන කියපු දේවල් මොන තරම් ඇත්තද?

:       0       0

සඳුන් Wednesday, 11 March 2020 04:15 PM

මං මේ නොදන්නවටයි අහන්නේ... උසාවි එන්නැතුව හැංගිල ඉඳලා, ඒ වෙනුවට තමන්ගේ නීතිඥයාව උසාවි එවනවා නම් ඒ නීතිඥයාව අත්අඩංගුවට ගන්න බැරිද?

:       0       0

Chan Wijesundera Thursday, 12 March 2020 08:02 AM

2001 දිත් මෙතුමා ගොඩාක් දක්ෂතා දැක්වුවා. වෙළඳ හා වානිජ කටයුතු ඇමතිවරයා විදිහට. ඒ සේවයත් ඇගයීමකට ලක්වුනානම් තමයි හොද. මෙතුමා සතොසට කරපු සේවය විතරයි ගොඩ දෙනෙක් දන්නේ. රජයේ වානිජ විවිධ නීතිගත සංස්ථාවට තිබ්බෙත් මෙතුමාට. ඒකෙත් හරි හරි දේවල් සිද්ධ උනා කියලා හිතෙනවා. මොකද මම වැඩකරෙත් ඒකේ. ඒත් සාක්ෂි නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1510 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1343 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 478 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site