(රොහාන් කුමාර දිසානායක)
කෑගල්ල මොලගොඩදී වෑන් රියක්, මෝටර් රියක් සහ ලංගම බසයක් එකිනෙක ගැටී සිදු වු අනතුරකින් අඹු සැමි යුවළක් මියගොස් තවත් හය දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
සිය දියණිය පෞද්ගලික විශ්ව විද්‍යාලයට ඇරලවීමට ගොස් මොටර් රියේ එමින් සිටි අඹු සැමි යුවළ මෙසේ මිය ගොස් ඇති අතර ඔවුන් ගම්පහ බෙම්මුල්ල පදිංචි පීයසිරි සමන් කුමාර 61,කලනි චන්දාලතා 53, අඹු සැමි යුවළයි.
අනතුරින් තුවාල ලබා ඇත්තේ මියගිය දෙදෙනාගේ දියණියන් දෙදෙනෙකු , එක් දියණියක විවාහ වීමට සිටි තරුණයා සහ අනතුර වු වැන් රථයේ දෙදෙනෙකි. අනික් වෑන් රථයේ ගමන් කළ පිරිස අම්පාර ප්‍රදේශයේ පිරිසක් පවන අතර ඔවුන් ගුවන් තොටුපොළට යද්දී මෙම අනතුරට මුහුණ පා තිබේ.
ඔවුන්ගෙන් තිදෙනකුගේ තත්වය බරපතළ බව රෝහල් නිලධාරීන් පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් කණගාටුදායක පුවතක්. අප රටේ අපට කවදා විනීත රියදුරන් දැකීමට හැකිවේද?
අධික වේගය, නොසැලකිල්ල, නින්ද යෑම, මෙවැනි කාරනා නිසා, දිනපතාම කී දෙනෙක් නම් අනතුරට පත් වෙනවාද? දැන්දැන් මෙවැනි දෙයක් අහන්නට නැති දවසක් නැති තරම්. මෝටර් රථය චප්ප වෙලා තියෙන විදිහ බලන්නත් බැරි තරම්. අපරාදේ වටිනා ජීවිත...