(තරංග ගුණරත්න)
පසුගියදා ඩුබායිහිදි මාකඳුරේ මදුෂ් නමැති පාතාල කල්ලි නායකයා සමඟින් අත්අඩංගුවට පත් රංගන ශිල්පී රයන් වැන්රෝවන් භාවිතා කරන ලද මෝටර් රථය මිරිස්ස ප්‍රදේශයේ සංචාරක නිකේතනයක රඳවා තිබියදී වැලිගම මූලස්ථාන පොලීසිය විසින් ඊයේ (08) සවස අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම මෝටර් රථය රයන් විසින් භාවිතා කරන ලද මෝටර් රථය බවට ඩුබායිහිදි අත්අඩංගුවට පත් සුරන්ජි සුද්දා නොහොත් අමිල ප්‍රසංග හෙට්ටිගේ ගේ සහෝදරයා විසින් පොලීසියට ප්‍රකාශයක් ලබාදී තිබෙනවා. මෙම මෝටර්රථය වත්තල උස්වැටකෙයියාව ප්‍රදේශයේ කාන්තාවකගේ නමට ලියාපදිංචි කර ඇත. මෙම මෝටර් රථයේ තිබී කේරල ගංජා මිලිග්‍රෑම් 5750 ක් හමුවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය පරික්ෂණ සිදුකරයි .




COMMENTS
ග්‍රෑම් 5ක් කියල දැම්මොත් මදි වගේ නිසාද..?
"පොලිස් සුනකයින්ගේ " රාජකාරී වලින් පසු හුඟක් දේවල් හොයාගන්න ලැබෙයි...
මේ මෝටර් රථයේ වෙළඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 25 යි.
හාල් මැස්සෝ ගොඩක් ලාබයි වගේ.. තෝරු අල්ලන්න බැහැ වගේ...
කාර් එක කීයටද දෙන්නේ?
මේ නම මොකක්ද කියලා මම කල්පනා කරන්නේ...?
අපි මධුෂ් බයිට් එකට ගත්තට, මේ සෙල්ලමෙන් අමාරුවේ වැටෙන කට්ටියක් දෙකක් ඉන්නවා. තමන් කරන අපරාධ මෙච්චර කල මධුෂ් පිටින් යවපු පාතලයෝයි, අල්ලගන්න බැරි අපරාධ ගැලවිල්ල සඳහා මධුෂ් පිටින් යවපු කට්ටියයි.
ඇත්තටම වර්තමානයේ ලංකාවේ කලාකාරයින් කියලා කොටසක් ඉන්නවද? අපි දන්නා විදිහට නම්, බහුතරයක්, දේශපාලන හෙන්චයියෝ, කුඩුකාරයෝ, තක්කඩි, දණහිසෙන් පහළට දැනෙන ලෙස කිසියම් නාඩගමක් නටන්න දඟලන පිරිසක්. (විශිෂ්ඨ නිර්මාණ බිහිකළ සමාජයට වැදගත් යමක් දායාද කළ වැදගත් කලාකරුවන්ට මෙය අදාළ නොවේ)
ඔය ඩුබායිහිදී අත්අඩංගුවට පත් වූ 25 දෙනාම මාකඳුරේ මදුෂ්කගේ ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ මේ අය සියල්ල දන්නා සියල්ලටම සම්බන්ධ අය.. දැන් රඟපාන්නේ ඒ අයත්, එයාලගේ පවුල්වල අයත් මේගොල්ලෝ මුළු මාසේම සිල්ගන්න පන්සල්වල ජීවත්වෙන අය වගේ..
මේක වෙන්න ඇති කුඩු අදින වාහනේ..
අලුත්ම ටොයෝටා එකක්... මෙච්චර සල්ලි කොහෙන්ද? කුඩු, ගංජා?
බලාගෙන ගියාම මේ ඔක්කොම කුඩු පප්පලානේ...
ඉතිං එයාට වාහනයක් තියෙන්න බැරිද
මොවුන් කුඩුකාරයන් කලේ කවුද? ඔබගේ පවුලේ අයත් නොදැනීම එහෙම වෙන්න පුළුවන් දකුණු ආසියාවේ බෙදාහරින මධ්‍යස්ථානය ලංකාව වෙලා මේවායේ නිර්මාතෘ වරු රටේ දේසපාලන බලය නැවත ලබාගෙන තිබෙනවා
ග්‍රෑම් පහක් ගෙනියන්න ටොයෝටා කාර් ඕනෑ නැහැ. පශ්චාත් භාගයේ සඟවාගෙන යන්නේ...
25කට දෙනවා නම් ගන්නවා.
වාහනයේ අංකය අපැහැදිලි නිසා හොඳයි. නැතිනම් පහළොවකටවත් ඉල්ලන එකක් නැහැ .