IMG-LOGO

2025 ජනවාරි මස 16 වන බ්‍රහස්පතින්දා


රියාජ් බදියුදීන් නිදහස්වීම ගැන මට නම් සැකයි

(ඩයනා උදයංගනී)

පාස්කු ඉරිදා දින ප්‍රහාරය  කළ ත්‍රස්තවාදීන් සමඟ සමීප සබඳතා පැවැත්වූ බවට සාක්‍ෂි ඇතැයි කියමින් මාස පහකට පෙර අත්අඩංගුවට ගත් රියාජ් බදියුදීන් මහතා චෝදනා නැතැයි කියමින් නිදහස් කිරීම ගැන සැකයක් මතුවන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පවසති. අධිකරණ ක්‍රියාවලියකින් තොරව ඔහු නිදහස් කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්විය යුතු බව ද අගරදගුරුතුමෝ වැඩිදුරටත් පවසති. 

මෙම නිදහස් කිරීම පිටුපස දේශපාලන ගනුදෙණු තිබෙන්නේ ද යන්න ගැන සැකයක් මතුවන බව ද කාදිනල්තුමෝ කීහ. මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් මේ බව පැවසුවේ කොළඹ අගරදගුරු මැදුරේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හා වක්‍රව සම්බන්ධ වූ පුද්ගලයන් සම්බන්ධව සිදුකරන පරීක්‍ෂණවලින් අනාවරණය වූ කරුණු මත දැඩි චෝදනා ලැබ අත්අඩංගුවේ සිටින පුද්ගලයන් අධිකරණ ක්‍රියාවලියකින් තොරව හිටි හැටියේ නිදහස් කිරීම සම්බන්ධයෙන් බලවත් අප්‍රසාදය, විරෝධය, කනස්සල්ල හා විමතිය පළකරන බව කී කාදිනල්තුමෝ මේ සම්බන්ධයෙන් පාස්කු දින ප්‍රහාරයේ වින්දිතයන් දැඩි කැළඹීමකට පත්ව සිටින බව ද පැවසූහ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා එදා සහ අද කරන ප්‍රකාශ පරස්පර විරෝධී බව කී කොළඹ අගරදගුරුතුමෝ පාස්කු ඉරිදා දින ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්‍ෂණ මේ වන විට දියාරු වෙමින් පවතින බව පෙනෙන්නේයැයි ද කීහ. 

සිදුවෙමින් පවතින මේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් අතසෝදාගෙන පැත්තකට වීමේ හැකියාවක් තමන්ට නැතැයි කී කාදිනල්තුමෝ ප්‍රහාරයෙන් මරණයට පත්වූ අයගේ පවුල්වල සාමාජිකයින්ට හා ආබාධිත වී සිටින අයට පොරොන්දු වූ යුක්තිය සාධාරණය ඉටුකරදීමට කතෝලික මැති ඇමැතිවරු හා මන්ත්‍රීවරු මෙන්ම අනෙක් අය ද කටයුතු කළ යුතු යැයි සඳහන් කළහ.
 



අදහස් (23)

රියාජ් බදියුදීන් නිදහස්වීම ගැන මට නම් සැකයි

Kamal Koyrala Sunday, 04 October 2020 08:58 AM

සැක හිතන්න දෙයක් නැහැ 2/3 හදාගන්න ඕනනේ 20ට.

:       4       27

indika Sunday, 04 October 2020 09:02 AM

ඔබ වහන්සේ ගොඩක් ප්‍රමාදයි.

:       1       23

Bishan Sunday, 04 October 2020 09:40 AM

හැමෝම එකතු වෙලා හදාගත්ත ආණ්ඩුවනේ.

:       1       18

Buddika Sunday, 04 October 2020 10:07 AM

මාස 5ක් බන්ධනාගාර ගතව විවිධ ප්‍රශ්ණ කිරීම්වලට ලක්වෙලා නිදහස් වුනේ සාක්ෂි නොමැති නිසා.

:       16       13

Rata Perata Sunday, 04 October 2020 10:53 AM

අපිටනම් පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයක් සැකයි.

:       1       27

Bamunuarachchi Sunday, 04 October 2020 12:41 PM

අපිටත් බොහොම සැකයි හිමිපාණෙනි.

:       1       24

Bamunuarachchi Sunday, 04 October 2020 01:07 PM

හිමිපනෙනි පොහොට්ටුවේ අය අපිව රවටනවා.

:       1       21

Bamunuarachchi Sunday, 04 October 2020 01:08 PM

මේ අය ආණ්ඩුවට එකතු වෙන්නේ ඇමතිකම් ගන්න නොවෙයි, පළමුව එයාගේ මල්ලි නිදහස් කර ගන්න.

:       1       18

බද්රානි Sunday, 04 October 2020 02:25 PM

කාදිනල් තුමෙනී, එක වගේ කුරුල්ලෝ කොයි දීපාන්කරේ ඉගිල්ලුනත් කවදා හෝ හමු උනාම එක අත්තක වහනවා කියලා ඔබ තුමා තවම දන්නේ නැද්ද? කතෝලික ඡන්ද වලට ඉව ඇල්ලු දේශපාලකයින් ගැන ඔබ තුමාට වැටහුනේම නැද්ද? තක්කඩි ශ්‍රී ලාංකික දේශපාලකයින් ගේ සටකපට කම් ඔබ තුමාට වැටහෙන්න කියා යාඥා කරනවා විනා, කතෝලිකයින් වෙන මොනවා කරන්නද?

:       1       27

Dinuka Sunday, 04 October 2020 02:54 PM

මේවා දැනගන්න කල් ගියද.?

:       1       23

BamunuarachchiMonday, 05 October 2020 03:02 AM

මොනවා දැනගන්නද කල් ගියේ.? දැනගත්තා කියලා ජෙප්පෝ සමග එකතු වෙන්නද, ටෙලිෆෝන් එක සමග එකතුවෙන්නද.?

:       7       2

KooralageMonday, 05 October 2020 05:30 AM

බමුණුට හරි චුන් වෙලා... මොකද 20 පාස් වුනොත් වරදාන සහ මල්ල කරේ.

:       1       4

pradeepa Sunday, 04 October 2020 03:08 PM

අපේ ගරු කාදිනල් තුමනි 20 ට රිෂාඩ් ගෙන් ඡන්දය ලැබුනට පස්සේ ආපහු මල්ලිව අත්අඩංගුවට ගන්නවා පොඩ්ඩක් ඉවසලා ඉන්න ඔබ වහන්සේ.

:       5       19

BamunuarachchiMonday, 05 October 2020 03:04 AM

හරියට හරි එතකොට මල්ලිට අලුත් චෝදනා එනවා.

:       5       4

මෝ Sunday, 04 October 2020 10:42 PM

කාදිනල් උතුමානෙනි. ඔබ වහන්සෙ හරියටම හරි. උනුත් එකයි මුනුත් එකයි. ජනාධිපති තුමාටත් ඒ ගැන වගක් නෑ. බෙදා හදාගෙන, කන විදියක් තමයි පෙනෙන්නේ. පොහොට්ටුව මේ වලිකන්නේ තමන්ට හැකිවිදියට රට හූරා කන්නට, පිබුරුපත් සැකසීමයි. අපි දකින්නේ මාධ්‍ය සංදර්ශන පමනි.

:       0       2

සෙනෙවිරත්න Monday, 05 October 2020 12:56 AM

හරින් ප්‍රනාන්දු කටින් ඔබවහන්සේට අපහාස කලේ. , මේ ගොල්ල ක්‍රියාවෙන් , එහෙම නොවෙයිිද?

:       0       3

විජේ Monday, 05 October 2020 01:34 AM

පෙම් කැකුල පිපී එන විට මහදේ එය පරව ගියා මා හෙලා මේ දුක් අන්දකාරේ...

:       0       5

Bamunuarachchi Monday, 05 October 2020 03:14 AM

අපේ තිබෙන වැරැද්ද තමයි වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නේ, ඇප මත නිදහස් කරන්නේ, උසාවි දමන්නේ පොහොට්ටුවේ දේශපාලකයෝ කියලා හිතේ තියාගෙන ඉන්න එක.

:       7       0

senaMonday, 05 October 2020 04:54 AM

නැතුව වෙන කවුද.?

:       0       4

BamunuarachchiMonday, 05 October 2020 09:55 AM

ඒවා ඒ විදිහටම සිද්ද වුණේ ගිය ආණ්ඩුවෙන්....

:       3       0

රුවන් Monday, 05 October 2020 05:18 AM

කපටි රජින්ඳා මුක්කුව ගැහුවා, බලයට ආවා කටවල් වැහුනා.

:       0       3

de silva Monday, 05 October 2020 05:52 AM

කාදිනල් තුමනි ඔය කොමිසම් දමන්නේ කල් මරන්න. ජිවිත 300 ක් පමණ නැති වුණා, 150-200 සදාකාලික අබාධිතයන් වෙලා.

:       0       6

Deepal Nirosh Monday, 05 October 2020 05:52 AM

මෙතන සැක කටයුතු දෙයක් නැහැ අති උතුම් හිමිපාණනි, “දේශපාලනයේ සදාකාලික හතුරන් හෝ සදාකාගික මිතුරන් හෝ නැත“ යන කියමනට තවත් එක සනාථ කිරීමක් පමණමැයි මෙතන ඇත්තේ හිමිපාණනි. දෙවි පිහිටයි!

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

පළාත් හතරකට අදත් වැස්ස
2025 ජනවාරි මස 16 87 0

උතුරු මැද, නැගෙනහිර,ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් විටින් විට හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියය


ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් !
2025 ජනවාරි මස 16 672 0

මාස 15 ක් තිස්සේ පැවැති සටන් අවසන් කරමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් සඳහා එකඟත්වයක් ඇති කර ගැනුණි.


ඖෂධ ඒකාධිකාරිය බිඳීම නිසා ඖෂධ මිල 200ගුණයකි පහතට
2025 ජනවාරි මස 15 2190 0

පසුගිය කාලය පුරා ඇතැම් ඖෂධ සමාගම් පවත්වාගෙන ගිය ඒකාධිකාරිය බිඳ දැමීම හේතුවෙන් ඖෂධ මිල 200 ගුණයකින් පමණ අඩු කර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ


ලංවිම ඉන්ධන මිලදී ගැනීමෙන් වසරකට කෝටි 5,600 ක පාඩුවක්
2025 ජනවාරි මස 15 738 0

ලංකා විදුලිබල මණ්ඩලය ඉන්ධනවලින් නිෂ්පාදනය කරන විදුලිය හෙවත් ‘තාප විදුලය’ සඳහා සිල්ලර මිලට ඉන්ධන මිලදීගැනීම නිසා වාර්ෂිකව රුපියල් බිලියන 56 ක් හෙවත් ර


ගසක් යතුරුපැදියක් මතට කඩා වැටේ
2025 ජනවාරි මස 15 406 0

බදුල්ල පස්සර ප්‍රධාන මාර්ගයේ කිරිමණ්ඩලය අසලින්දී ධාවනය වු යතුරුපැදියක් මතට කපා තිබූ ගසක ඉතිරි දැව කදක් කඩා වැටීමෙන් තුවාල ලැබු තරුණයකු බදුල්ල ශික්ෂ


අල්ලස් ගත් පී.සී. මාට්ටු
2025 ජනවාරි මස 15 461 0

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රයට නීතිය ක්‍රියාත්මක නොකර මුදා හැරීම සඳහා රියැදුරකුගෙන් රුපියල් 3000/= අල්ලස් මුදලක් ලබාගත් මතුගම මූලස්ථාන පොලිසියේ රථ වාහන


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 263 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 563 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 311 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site