
( දයාසීලී ලියනගේ )
රබර් වගාව සඳහා අක්කරයකට දෙනු ලබන සහනාධාරය රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත.
මේ සම්බන්ධයෙන් සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේවතු ආශ්‍රිත භෝග වහා තේ කර්මාන්තශාලා නවීකරණයහා තේ අපනයන ප්‍රවර්ධන රාජ්‍ය ඇමැති කනක හේරත් මහතා ප්‍රකාශ කළේ ජල සම්පාදනය සඳහා අක්කරයට රුපියල් 250,000 ක මුදලක් ලබා දීමට තීරණය කර ඇති බවයි.
දේශිය රබර් අවශ්‍යතාවයෙන් මෙරට නිෂ්පාදනය වන්නේ 60% ක ප්‍රමාණයක් වන නිසා නව රබර් වගාව දිරිමත් කිරීමට තීරණය කර ඇතැයි රාජ්‍ය ඇමැතිවරයා කීය.
ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු තව නොබෝ දිනකින් ආරම්භවන නිසා රබර් වගාව වඩාත් දිරිමත් කරන බවද ඔහු කීවේය.
COMMENTS
රුපියල් ලක්ෂ පහේ සිට හතර හමාර දක්වා ඉහළ නංවා ඇත කියන්නේ මහ අමුතු ඉහළ දැමිල්ලක්නේ...
මුද්‍රණ දෝෂයක්වත්ද?
ඔන්න ලංකාවේ ටයර් කර්මාන්ත ශාලාවක් ඉදිවීමේ අතුරු ප්‍රතිඵල. දැන් රබර් වැවීමට උනන්දු වේවි...