IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රූපවාහිනීයේ - ස්වාධීන රූපවාහිනීයේ බලධාරීන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි

(රංජන් කස්තුරි)

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන රූපවාහිනී සේවයේ බලධාරීන්ට හෙට (05) මැතිවරණ කොමිසන් සභාව හමුවේ පෙනී  සිටින්නැයි එම කොමිසන් සභාව දැනුම් දී තිබේ.

ජාතික රූපවාහිනී සංස්ථාවේ සහ ස්වාධීන කොමිසන් සභාවේ ඉහළ කළමනාකාරීත්වයට අද පෙරවරු 10.30 ට පමණ රාජගිරිය මැතිවරණ කොමිසන් සභාවට පැමිණෙන්නැයි දන්වා තිබේ.

ජතික රූපවාහිනිය සහ ස්වාධීන රූපවාහිනී සේවය දිගින් දිගටම මැතිවරණ නීති මාධ්‍ය උපමාන උල්ලංඝනය කරමින් පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට මැතිවරණ කොමිසන් සභාවට ඉකුත් දිනවලදී පැමිණිලි ලැබී තිබිණ.



අදහස් (9)

රූපවාහිනීයේ - ස්වාධීන රූපවාහිනීයේ බලධාරීන්ට මැතිවරණ කොමිසම හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දෙයි

mihira Monday, 04 November 2019 04:14 PM

මේක මාර වැඩක්නේ. එතකොට අනික් ඒවා හරිද?

:       0       0

Desman Monday, 04 November 2019 04:52 PM

ආණ්ඩුව පැරදුනොත් ගෙදර යන්න වෙනවා. රැක ගන්න ගියොත් කොමිසමට යන්න වෙනවා. ටිකක් බැනුම් ඇහුව වගෙ නොවේ රස්සාව ගහල ගියොත්.

:       0       0

sirimal Monday, 04 November 2019 05:18 PM

පෞද්ගලික මාධ්‍ය ආයතන වලට රටේ නිතිය වලංගු වෙන්නේ නැද්ද ? ඒආයතන කිහිපයක්ම අමු අමුවේ එක අපේක්ෂකයෙකු වෙනුවෙන් ප්‍රචාරක කටයුතු කරන බව හොඳටම පෙනෙනවා.

:       0       0

ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 02:41 AM

71 වසරක මේ රටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන් කරමු. තවමත් හිත යටින් අන්ධව විශ්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනාවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්නා බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකමක් මෙමගින් ලැබේ.)

:       2       0

සුබ අනගතයක්Tuesday, 05 November 2019 07:07 AM

70% ක් එක් අයෙක් ගත්තම අනෙක් අයට ඉතුරුවෙන්නේ 30% යි. දෙවැනි මනාපය තේරුමක් නැති වෙනවා.

:       0       0

SANATHTuesday, 05 November 2019 09:00 AM

වැඩක් නෑ. රටේ ආරක්ෂාව දෙන්න පුළුවන් බව ඔප්පු කළ අයෙක් අනිවාර්යයෙන් 55% ට වඩා ඡන්ද ගන්නවා. දිනෙන් දින සමහරුන්ට එකතු වෙන කණ්ඩායම් නිසා එම ගණන තව තවත් ඉහළ යාම අනිවාර්යයි.

:       1       500

lalithm Tuesday, 05 November 2019 04:18 AM

එතකොට පුද්ගලික නාලිකා? ඒවත් තමන් කැමති එක අපේක්ෂකයෙකුට විතරක් අනුග්‍රහය දක්වන බව පෙනෙනවා නේද? ඒවත් බලන්න ඕනේ නැතිද?

:       213       248

rizwan Tuesday, 05 November 2019 04:54 AM

එතකොට අර නාලිකා දෙකට ඔය දේවල් අදාළ වෙන්නේ නැද්ද? මේක කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නීතිය වගේනේ.

:       36       66

Rata Perata Tuesday, 05 November 2019 07:23 AM

මීට වැඩිය අපක්ෂපාතිව කටයුතු කරනවානම් හොඳයි. අනෙකුත් නාලිකා, පාදෙණිය වගේ සිද්ධීන් ගැන කිසි කතාවක් නෑ.

:       2       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 679 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1115 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site