හර්ෂණ තුෂාර සිල්වා
ජනවාරි මුල් සතියේදී යම් ස්ථාවර මට්ටමක් පෙන්නුම් කළ රුපියලේ අගය නැවත වරක් පහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය 193ක් දක්වා අද (12) පහළ ගියේය.
මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකානු ඩොලරයක විකුණුම් අගය රුපියල් 193.65ක් වූ අතර ගැනුම් අගය රුපියල් 188.49ක් ලෙස දැක්විණි.
කෙසේ නමුත් ජනවාරි 1 වැනිදා සිට 8 වැනිදා දක්වා කාලයේ දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 0.5කින් ඉහළ ගොස් ඇත.
ඊට අමතරව ජපාන යෙන් එකකට සාපේක්ෂව සියයට 1.2කින් ද ස්ටර්ලිං පවුමකට සාපේක්ෂව සියයට 1.1කින් ද යූරෝවකට සාපේක්ෂව සියයට 0.9කින් ද ඉන්දීය රුපියලට සාපේක්ෂව සියයට 0.8කින් ද රුපියලේ අගය ඉහළ ගොස් තිබේ.

COMMENTS
මොන දේ කරලා අර්බුදේ වහන්න හැදුවත් දැන් නන්දසේනතුමාට ගැලවීමක් නෑ...
කෝ මේ බන්දුල? මේ ගැන කිසිම කතාවක් නෑනේ...
මම පසුගිය දෙසැම්බර් මාසයේදීත් කිව්වා. මහ බැංකුවේ ඉන්නේ උගත් නිලධාරින්. හොඳ පළපුරුද්දක් ඇති අය. නමුත් ඒ අය මේ මෝඩ - බයියන්ගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනිවාර්යයෙන්ම ඇහුම්කන් දෙන්න ඕනෑ. නැත්නම් හෙට රස්සාවට නාවට කමක් නැහැ. පෙන්ෂන් එකත් ඉවරයි. මේ හොරුන් විදේශ ණය වාරික ගෙවන්න යොදාගත්තේ රටේ විදේශ මුදල් සංචිතයයි. ලෝකයේ කිසිම රටක් නොකරන වැඩක් ඒක. එයින් වුනේ රටේ විදේශ වත්කම් තවත් අඩුවීමයි. එතකොට රුපියල කෙරෙහි ඇති විශ්වාසය තවත් අඩුවෙනවා. රුපියල වැටෙනවා. ඔය රටෙන් හොරාකාපු විදේශ මුදල් නැවත මුල්‍යපද්ධතියට ඇතුළත් කලොත් හැර වෙන කිසිම ක්‍රමයකින් නැවත වරක් රුපියලේ අගය වැඩිකරගන්න බැහැ. කෙසේවෙතත් මෙය දිගටම සිදුවෙනවා... රටේ විදේශ මුදල් නැතිනිසා... ආණ්ඩුවේ පැවැත්ම අස්ථිර වෙනවා. බඩුමිල ඉහළ යනවා. අත්‍යාවශ්‍ය අාහාර හිඟවෙනවා. ආර්ථික විද්‍යාව සත්‍යනම් මේ දේවල් තව මාසයකින් පමණ පටන් ගන්නවා.