IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


රුපියල් බිලියන 2200ක ණයක් ලංකාවට ගෙවන්න වෙයි

(රංජන් කස්තුරි

 
ශ්‍රී ලංකාවට මේ වසරේදී රුපියල් බිලියන 2200ක අතිවිශාල ණය මුදලක් ගෙවීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.   
                                                        
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය වෙනුවෙන් වාරික මුදල ලෙස රුපියල් බිලියන 1300ක් ද පොලී මුදල් ලෙස රුපියල් බිලියන 900ක්ද වශයෙන් එම මුදල ගෙවීමට සිදුව ඇතැයි ද එම අමාත්‍යාංශය පවසයි.  
                
ශ්‍රී ලංකාවේ පැවැති ආණ්ඩු හා වර්තමාන ආණ්ඩුව දේශීය හා විදේශීය ආයතනවලින් ලබාගත් ණය වෙනුවෙන් 2019 වසරට අදාළව එම මුදල ගෙවිය යුතු වන අතර විදෙස් ආයතන, විදෙස් ආණ්ඩුවලින් ලබාගත් ණය, භාණ්ඩාගාර බිල්පත් සුරැකුම්පත් ආදිය ඇතුළු විවිධ ක්‍රම යටතේ එම ණය ලබාගෙන තිබෙන බවද එම අමාත්‍යංශය කියයි.    
                                        
ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරකදී ණය ගෙවීම සඳහා වැයකිරීමට නියමිත විශාලතම මුදල මෙය වීම විශේෂත්වයකැයිද එම අමාත්‍යංශය කියයි.
 



අදහස් (13)

රුපියල් බිලියන 2200ක ණයක් ලංකාවට ගෙවන්න වෙයි

Amila Tuesday, 08 January 2019 10:22 AM

ණය දුන්න ආයතන එක්ක කතා කරලා බැලුවනම් අනිවාර්යයෙන් කෙටි කාලීන සහනයක් අනිවාර්‍යයෙන් ගන්න තිවුනා. මේක වෙලා තියෙන්නේ ඇගමති, මැති ඇමති වරුන්ට සහ සමහර නිලධාරීන් පුදුම තදියමක්නේ තියෙන්නේ ණය ගෙවන්න. මේවයේ කොමිස් අනිවා ඇති. පොඩ්ඩක් හොයලා බලන්න වගකිවයුතු පිරිස් එකතුවෙලා.

:       565       16

ප්‍රියන්තWednesday, 09 January 2019 04:22 AM

අමිල, ණයක් ගත්තම වෙලාවට ගෙවන්න උනන්දු වෙන්න ඕනේ. හොයලා බලන්න ඕනේ ගෙවන්න දඟලන එක නෙවෙයි. ගත්ත අය මේවට මොකද කලේ කියලා.

:       0       1

ජයන්ත මිලානෝ Tuesday, 08 January 2019 10:35 AM

පැවති සෑම රජයක්ම පත්වූ විගසම කල හිතකර කාර්ය තමයි කෝටි ගනන් වලට සුකෝපබෝගි වාහන ගැනීම. ඉන්පසු කොමිස් ගහන විදිහ කල්පනා කිරීම. අපේ රටේ ඒ ගොල්ලන්ට වහල් කම් කරන මෝඩ ජනතාවක් ඉන්න නිසා වැඩෙත් ඉතා පහසුවෙන්ම ඔවුන් කරගන්නව. රටේ මෙම විනාශය පෙන්වාදෙන බුද්දිමත් පිරිසක් පත්කර නොගැනීමයි මෙයට ප්‍රධාන හේතුව. රට ඉතියෝපියාවක් වෙන එක වැඩි දුර නැහැ.

:       1       211

NishanthaTuesday, 08 January 2019 11:31 AM

කතාව සම්පුර්ණ ඇත්ත

:       0       0

Raveendra Tuesday, 08 January 2019 10:46 AM

දැන් ඔය අමාත්‍යංශයේ ඉන්න අපේම බදු මුදල් වලින් වැටුප් ලබන නිලධාරීන්ට කියන්න බැරිද ගත්ත ණය මුදල් වලින් කිනම් දෙයක් පොදු ජනතාවට ලැබුනාද කොච්චර මුදල් එක එක අයගේ සාක්කුවලට ගිහින් තිබෙනවාද යනාදී වශයෙන් ?

:       51       166

sandy123Tuesday, 08 January 2019 12:38 PM

රවීන්ද්‍ර, අපේ දේශපාලකයෝ තරම් ජන හිතවාදී දේශපාලකයෝ ලෝකේ පුරා හෙව්වත් හම්බ වෙන්නේ නැහැ. එතරම්ම ජනහිතකාමී, සත්ගුණවත්, සුපිරිසිදු, අවංක එකී නොකී හැම එකක්ම තියන ජනතා සේවකයෝ. බදු මුදල් විතරක් නෙමෙයි ඔවුන්ගේ අතේ තිබුන සේසතත් විකුණනවා ජනතාවට සෙතක් වෙන්න වැඩ කරන්න. ඉතින් බෙදන්න උවමනා නැහැ.

:       0       0

isurandi Tuesday, 08 January 2019 12:28 PM

මේවා ගෙවාගන්න බැරි වුනොත් මොකද වෙන්නේ? හරියට රට උකසට තියලා වගේ නේද මේ...?

:       0       0

Nihal Tuesday, 08 January 2019 02:42 PM

කැපුවත් නිල්, කොළ 20% ක් පමණ නිසා සමස්තයම අනුන්ගේ පව් කරගහන්න වෙලා. දියුණු රටවල් බොරු පොරොන්දු දීලා ඉටු නොකළොත් අකුලන් යන තුරු උද්ඝෝෂණ. අතුරු ඡන්ද ආ විගස කව්රුත් එකතුවෙලා වෙනසක් කරනවා. දැන් ප්‍රංශයේ වෙමින් තියෙන්නේ එයයි, ඒකටත් දූපත්කාරයෝ ටික... ගෝත්‍රික මට්ටමට ආසන්නව කියපු එක 20%ක් විතරයි අදාල ...

:       0       0

Nihal Tuesday, 08 January 2019 06:27 PM

මේ අවුරුද්දට පමණක්, එතකොට ඔක්කොම ණය බිලියන් කොච්චරක්ද? 2,200,000,000,000 එක පුද්ගලයෙකුට 88,000 ක් පමණ? මේක ගණන් වරදින අමතක වෙන යුගයක්.. එ්කයි ඇහුවේ...

:       0       0

Abaran Tuesday, 08 January 2019 10:50 PM

ප්‍රධාන පක්ෂ දෙක බලයේ තියෙන තාක් කල් ඔය චක්කරේ හැමදාමත් ඔහොම්මම තමයි. අපි තුන්වන ලෝකයේ සහ ණයබර සදාකාලිකයි...

:       0       0

දිලුම් Wednesday, 09 January 2019 04:14 AM

දැංවත් හිතුවනම් හොදයි කන්න බොන්න ණය ගන්නේ නැතුව ගන්න ණය වලින් නිෂ්පාදන වැඩි කරන්න පුළුවන් ක්‍රම හදන්න. එක එකාට කාර්යාල හදන්නයි වාහන ගන්නයි ණය අරන් කරන තරමක් හොර වැඩ කරන්න ඇරල දැං කියනවා අපිට මෙච්චරක් මේ අවුරුද්දේ ගෙවන්න තියනවලු. නිලධාරින් උඩ බලාගෙන හැම එකටම එහෙයි සර් කියලා දේශපාලුවන්ට ඕන දේම කරන්න දීලා තව ණය ගමු සර් කිය කිය කඩේ යනවා. මේ හැමෝම මේ රට පත්වෙලා තියන තත්වයට වග කියන්න ඕන. අනික මේ රටේ ආයතන කීයක් තියනවද ඒවයේ ලොකු තනතුරු වලට මොන පහසුකමද නැත්තේ. මේ මිනිසුන්ට පුළුවන් මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලියක් ගොඩනගන්න සැලසුමක් හදන්න. ඒ මිනිස්සු ඒ කිසිදෙයක් කරන්නේ නෑ. වැල යන පැත්තට මැස්ස ගහනවා විතරයි.

:       0       1

rehan Wednesday, 09 January 2019 05:58 AM

2018, 2 වන කාර්තුවේ සංගණනයට අනුව, සමස්ත ශ්‍රම බලකායෙන් ශ්‍රම නියුක්තිකින්ගේ ගණන 7,970,154/=. මේ අනුව ඒක පුද්ගල ණය මුදල (2,200,000,000,000/7,970,154) රුපියල්. 276,030/=. අපි සියලුමදෙනා එකතුවුනොත් මේ ණය උගුලෙන් ලෙහෙසියෙන්ම ගැලවෙන්න පුළුවනි. හිත ඇත්නම් පත කුඩාද.......

:       0       1

Rohana Wednesday, 09 January 2019 02:13 PM

මෙහි අවාසිය වැඩිපුර ගෙවන පොලී මුදල වන ඩොලර් බිලියන 900 විතරයි. අනිත්ව නියමිත පරිදි රටේ සංවර්ධනය වෙනුවෙන් 100% ම යොදන්න ඇතියි කියා විශ්වාස කරනවා. එහෙම නොවුනොත් පමණයි මේ මුදල ගෙවීම අසීරුවෙන්නේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31354 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13570 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 968 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site