IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

රොමේෂ් මධුෂංඛ

යාපනය, වෙත්තලකේනි, කඩෙයිකාඩු දකුණු වෙරළ තීරයේදී කේරළ ගංජා කිලෝ ග්‍රෑම් 93ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

වෙත්තලකේනි, කඩෙයිකාඩු වෙරළ තීරයේ වෙරළ නීරීක්‍ෂණ මුරකුටියක රාජකාරි නියුතු උතුරු නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් සහ නාවික අණුකණ්ඩ වෙත්තලකේනි ආයතනයේ රේඩාර් මධ්‍යස්ථානයේ රාජකාරි සිදුකල නාවික පුද්ගලයින් පිරිසක් විසින් මුහුදේ සිට ගොඩබිමට ගෙන ඒමට උත්සාහ කල සැක සහිත යාත්‍රාවක් නිරීක්‍ෂණය කර ඇත.

පසුව එම යාත්‍රාව ගොඩබිමට සේන්දු වන අවස්ථාවේදී එය පරීක්‍ෂාවට ලක්කර එහි තිබී පාර්සල් 44ක අසුරා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 93ක ප්‍රමාණයක් සොයා ගෙන තිබේ.

එම කේරළ ගංජා තොගය සමඟ අදාල යාත්‍රාවේ සිටි පුද්ගලයින් දෙදෙනෙක් , ධීවර යාත්‍රාව සහ එහි තිබූ තවත් ධීවර ආම්පන්න කිහිපයක් නාවික හමුදා බාරයට ගනු ලැබූ අතර යාත්‍රාවේ සිටි පුද්ගලයින් යාපනය තාලයාඩි ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 සහ 35 යන වයස්වල පසුවන්නන් බවට හඳුනා ගෙන තිබේ.

මෙලෙස නාවික හමුදා බාරයට ගත් පුද්ගලයින්, කේරළ ගංජා තොගය හා ඩිංගි යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා සංකානේ සුරාබදු දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දීමට කටයුතු කර ඇත.



අදහස් (2)

රුපියල් කෝටි එකහමාරකට අධික කේරල ගංජා සමග දෙදෙනෙක් අත්අඩංගුවට

anula Thursday, 23 April 2020 10:35 AM

කේරල ප්‍රාන්තයේ කොරෝන වේගයෙන් පැතිරෙනවා. මේ දෙන්නවත් චෙක් කරන්න

:       0       1

සියදෝරිස් Friday, 24 April 2020 02:28 AM

මේ කෝටි එකහමාරක මුදල මෙරටින් පිටරටට ඇදීගිය මුදලක් නොවේද? මුදල් ගෙවලා නේද ගෙන්නන්න ඇත්තේ? මේවා විනාශ කරන අතරම මේ රටේ වැවෙන දේශීය ඖෂධයක් වන කංසා නැත්නම් ගංජාද විනාශ කරනවා.දේශීය දේ අගය කළොත් දේශිය මුදල් පිටට ඇදීයාම නතරවීමට අමතරව දේශීය වෙදකමත් තරමකින් හෝ දියුණුවේවි.ගංජා හෙවත් කංසා කියනදේ මම දැකලවත් නැහැ. නිදහස ලැබීමට වසර දෙකතුනකට පෙර මේ රටේ ගංජා තහනම් කළා.ඒ ගැනත් අවධානය යොමුකළොත් සුදුසුයි නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 88 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 140 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 941 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site