(යොහාන් භාසුර)
අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි බන්ධනාගාර රැඳවියන් දෙදෙනෙකු උසස් ලෙස සමත්ව ඇති බව බන්ධනාගාරය මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනුරුත්ථාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.
මැගසින් බන්ධනාගාරයේ රදවා සිටි එල්.ටී.ටී.ඊ. රැදවියෙකු හා තවත් සැකකරුවෙකු මෙසේ සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත්ව ඇති බවත් එම විභාගයට වටරැක හා මැගසින් බන්ධනාගාරවල රැදවින් සිවුදෙනෙකු පෙනී සිටි බවත් ඒකනායක මහතා කීය.
අ.පො.ස.(සා.පෙළ) විභාග මධ්‍යස්ථානයක් කොළඹ මැගසින් බන්ධනාගාරයේ හා වටරැක එළිමහන් සිර කදවුරේ සුනීත පාසලේ ස්ථාපිත කර තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ ඉන්න කෙනෙකුට මාරුවක් දාමු .
ඉතාම සතුටුයි. මේ දරුවනට අනාගතේදී යහපත් පුරවැසියන් ලෙස සමාජයේ සාමකාමිව ජීවත්වීමට අවස්ථාව උදාවේවා.....!!!
සුබ පැතුම්. යහපත් අනාගතයක් හිමි වේවා
මට මතක විදියට චන්දන ඒකනායකගේ මූලිකත්වයෙන් එක්තරා රැදවියෙක් උපාධියක් පවා ලබාගත්තා. මෙම කොමසාරිස්වරයා පුනරුත්ථාපනය වෙනුවෙන් කර ඇති වැඩ කොටස මැති ඇමතිවරු කියවා බැලිය යුතුය. වැලිකඩ බන්ධනාගාරයේ පන්සලක් පවා මෙතුමා හදා ධර්මානුකූල පුහුවීම් පවා පවත්වනවා.
බන්දනාගාර කොමසාරිස්තුමා සමහර සිද්දි දන්නෙත් නැහැ කියලා පහුගිය දවස්වල රාවයක් තිබුනා.