(ජයන්ත සමරකෝන්)
අධිකරණවල නඩු කටයුතු සඳහා ඉදිරිපත් කළ යුතු රැඳවියන් එම බන්ධනාගාරවල සිට ඊට පෙරදින පිටස්තර බන්ධනාගාර වෙත රැගෙන යාම නතර කිරීමට බන්ධනාගාර මූලස්ථානය තීරණය කර ඇත.
ඒ අනුව අදාල රැඳවියන් දැනට රඳවා සිටින බන්ධනාගාර වල සිටම අධිකරණ වෙත රැගෙන යාම සිදුවනු ඇතැයි එම මූලස්ථානය පවසයි.
රැඳිවියන් නඩු වාරවලදී දිවයිනේ දුර බැහැර අධිකරණ වෙත රැගෙන යාමේදී හා එම ප්‍රදේශවල බන්ධනාගාර තුළ රඳවා තැබීමේදී විවිධ නීතිවිරෝධි ක්‍රියාවන් සිදුවන බවට පැමිණිලි ලැබීම නිසා මෙම පියවර ගත් බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) බන්දුල ජයසිංහ මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සු කොහෙවත් අරන් යන්න එපා. ස්කයිප්, වයිබර් වැනි දේවල්වලින් නඩු අහන්න බැරි ඇයි?
ඉන්ටර්නෙට් භාවිතා කළා නම් මුදලුත් ඉතුරුයි, කාලෙත් ඉතුරුයි... ආරක්ෂාව පිළිබඳ ගැටළුවකුත් නැහැ...
අපරාධකාරයින්ට විශේෂ ආරක්ෂාවක් දීලා ලොකු වියදම් කරන්නේ ඇයි? තාක්ෂණය ප්‍රයෝජනයට ගන්න.
සිරකරුව මනුෂ්‍යයෙකි වෙන්නේ හිර ගේ ඇතුලේ විතරයි