IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රැඳවියෙක්ට මත්පැන් බොතල් දුන් වෛද්‍යවරයාට බන්ධනාගාර රෝහල තහනම් කරයි

(නිමන්ති රණසිංහ / විනීතා එම්. ගමගේ සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියකුට මත්පැන් බෝතල් දෙකක් ලබාදුන් බව කියන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට අද (24) සිට වැලිකඩ බන්ධනාගාර රෝහලට හෝ බන්ධනාගාර ආශි‍්‍රත කිසිදු වෛද්‍ය මධ්‍යස්ථානයකට ඇතුළුවීම තහනම් කර ඇතැයි එහි මාධ්‍ය ප‍්‍රකාශක තුෂාර උපුල්දෙණීය මහතා අද (24) පැවසීය.
 
අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් බන්ධනාගාර මූලස්ථානයෙන් පැවැත්වෙන විනය පරීක්ෂණය අවසානයේ ඔහු තම නිර්දෝෂීභාවය ඔප්පු කරන තෙක් එම තහනම කි‍්‍රයාත්මක කරනු ලැබූ බවත් ඔහුගේ මෙම කි‍්‍රයාකලාපය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම්දෙනු ලැබූ බවත් උපුල්දෙණීය මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.
 
එමෙන්ම, මෙම සිද්ධියට අදාළ මත්පැන් කාලේ බෝතල් දෙක තම භාරයට ගනු ලැබූ බවත්, අදාළ සිද්ධිය ඇසින් දුටු ඖෂධ සංයෝජකයකුගෙන් මෙන්ම, එම මත්පැන් බෝතල් සන්තකයේ තබාගෙන සිටි රැඳවියාගෙන්ද ප‍්‍රකාශ සටහන් කරගනු ලැබූ බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.
 
ඒ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට බොරැුල්ල පොලීසිය වෙත දැනුම් දී ඇති බවත් ඉදිරියේදී අදාළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් ගනු ලබන නිතිමය පියවර පොලිසිය අධිකරණයට දැනුම් දීමෙන් පසු කි‍්‍රයාත්මක කරනු ඇති බවත් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සදහන් කළේය.
 
ඉකුත් 23 වැනිදා වැලිකඩ බන්ධනාගාරය තුළ පිහිටි වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ සිටි මෙම වෛද්‍යවරයා මත්පැන් කාලේ බෝතල් දෙක සිරකරුවකු (පාටිකරු) වෙත ලබා දී ඇත්තේ බන්ධනාගාරය තුළ දඩුවම් විදින වෙනත් සිරකරුවකු වෙත ලබාදීමට බවට ප‍්‍රකාශවලින් අනාවරණය වී ඇති බවද බන්ධනාගාරය පවසයි. මෙම වෛද්‍යවරයා බන්ධනාගාර රෝහලේ සේවය කරනු ලබන පැරණීම වෛද්‍යවරයකු බවත් මින් ඉහතදීද මෙවැනි ආකාරයෙන් රැඳවියන් වෙත මත්පැන් ලබාදී ඇති බවට තොරතුරු හෙළිවී ඇති බවත් බන්ධනාගාරය සදහන් කරයි.
 
වැලිකඩ බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන්ගේ රෝගී තත්ත්වයන් පරීක්ෂා කර බැලීම සදහා (බෙහෙත් ලබා දෙන ස්ථාන) වෛද්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති අතර, මෙම සිද්ධිය සිදුවී ඇත්තේ එම වෛද්‍ය මධ්‍යස්ථානය තුළදී බවද සදහන් වෙයි. එමෙන්ම, බන්ධනාගාර රෝහලට අමතරව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය, කාන්තා අංශය, කොළඹ මැගසින් බන්ධනාගාරය යන ස්ථානවලද එවැනි වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවා ඇති බවද බන්ධනාගාරය සදහන් කරයි.
 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාරය කළ පැමිණීල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කරනු ලැබූ බවත් අදාළ තහනම් ද්‍රව්‍ය (මත්පැන් බෝතල්) සන්තකයේ තබාගෙන සිටි රැඳවියාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගත් බවත් බොරැල්ල පොලිසිය සදහන් කළේය. එමෙන්ම, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ඉදිරි පියවර ගනු ලබන බවත් පොලිසිය වැඩිදුරටත් සදහන් කරනු ලැබීය.



අදහස් (5)

රැඳවියෙක්ට මත්පැන් බොතල් දුන් වෛද්‍යවරයාට බන්ධනාගාර රෝහල තහනම් කරයි

සනත් Monday, 24 December 2018 05:56 PM

පාතාල හිරකාරයෙක් වෛද්‍යවරයට තර්ජනය කරලා අරක්කු බෝතල් ගෙනත් දෙන්න කිව්වනම් වෛද්‍යවරයට සුළු දඬුවමක් දුන්නම ඇති.

:       0       0

sam Monday, 24 December 2018 08:42 PM

බන්ධනාගාර රෝහලේ ඉන්නා 'පැරණිම වෛද්‍යවරයෙක්' කියන එකෙන්ම තේරෙනවා මෙයා කොහොම කෙනෙක්ද කියලා.

:       0       0

ajith Tuesday, 25 December 2018 12:24 AM

අර පුද්ගලික එකෙන් පාස් වූ කෙනෙක් වෙන්න ඇති.

:       0       0

ekanayake Tuesday, 25 December 2018 05:09 AM

ජී.එම්.ඕ.ඒ. එක මෙයට විරුද්ධව දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් කරන්නේ නැද්ද? රාජිතට සුව ඇමතිකම දෙන එකත් මේ අය නැවැත්තුවා නේද?

:       0       0

Shantha qatar Tuesday, 25 December 2018 05:44 AM

දැන් දොස්තරලට ගෙවන පඩි මදි ඇති.. ඒකයි පොඩි පාර්ට් ටයිම් එකක් කරලා ඇත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 159 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 781 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 381 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site