IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


රන් භාණ්ඩ කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

පොලිස් නිල ඇඳුමෙන් සැරසී ගිනි අවි පෙන්වා මරණීය තර්ජනය කර වත්තල රන් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවෙක්ගෙන් රුපියල් තුන් කෝටි දහ අට ලක්ෂයකට අධික රන් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ හිටපු ගුවන් හමුදා සෙබලෙකු සහ තවත් පුද්ගලයෙකු මිනුවන්ගොඩ බුලුගහමුල ක්‍රීඩාංගනය අසලදී අද (020 අත්අඩංගුවට ගත්බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් දෙදෙනා සමඟ කොල්ලකෑ රන් භාණ්ඩ වලින් කොටසක් , කොල්ලයට හා ව්‍යාපාරිකයා පැහැර ගැනීමට යොදා ගත් මෝටර් රථය , ව්‍යාජ අංක තහඩු දෙකක් , ජංගම දුරකතන දෙකක් හා සිම්පත් දෙකක් පොලිසිය සොයාගෙන තිබේ.

ඉකුත් මස 15 වැනි දින ව්‍යාපාරිකයා රන් භාණ්ඩ වෙළඳ සැල වසා නිවස වෙත යමින් සිටියදී පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී ගිනි අවි අතර දරා ගත් පුද්ගලයින් සිව් දෙනෙකු තමන් කොළඹ අපරාධ කොට්ඨාසයට අනියුක්ත නිලධාරීන් බව පවසා ව්‍යාපාරිකයාව පැහැරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුරුව ව්‍යාපාරිකයාගේ මුහුණ හා දෑත් දෙපා රෙදි කඩකින් බැඳ ජා ඇල ප්‍රදේශයේ පාලු නිවසක රඳවා ඔහුට මරණීය තර්ජනය කරමින් බිය ගන්වා මෙම කොල්ලය සිදුකර තිබූ බව පොලිස් නිලධාරියෙකු පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 40 ත් 48 ත් වයස්වල පසුවන පුද්ගලයින් බව පොලිසිය පැවසීය.

මෙම කොල්ලකෑමට සම්බන්ධ අනිකුත් සැකකරුවන් හා කොල්ලකන ලද රන් භාණ්ඩ සොයා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය පරීක්ෂණ සිදුකරන බවද පොලිසිය පැවසීය.

 



අදහස් (1)

රන් භාණ්ඩ කොල්ලයකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

Priyankara Tuesday, 03 December 2019 10:27 AM

දැන් කියයිද දන්නෙ නෑ රණවිරුවෝ අත්අඩංගුවට ගන්නවා කියලා. මොකද අපේ මිනිස්සුන්ට තේරුම් යන්න ගොඩක් කල් යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site