(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් ග්‍රෑම් සියයක බරින් යුතු රන් බිස්කට් 17 ක් සමඟ පුද්ගලයෙකු අද (13) අත්අඩංගුවට ගත්බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් සැකකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි අයෙකි.
ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් යානයකින් මෙම පුද්ගලයා පැමිණ ඇති අතර ගමන් බෑගයේ හැඩලයේ හා ඉදිරිපස බද කොටස අසල ගම් ටේප් යොදා අලවා රන් බිස්කට් පිට කිරීමට උත්සහ දැරීමේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගුවන් තොටුපළ රේගු අංශයට වැඩිදුර පරීක්ෂාව සඳහා බාරදී ඇත.
(ඡායාරූප - ටී.කේ.ජී.කපිල)





COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.