IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


රන් බිස්කට් - ස්වර්ණාභරණ ගුවන් තොටෙන් පිට කරන්න ගිය සේවකයා දැලේ

(ටී.කේ.ජී.කපිල )

රන් බිස්කට් හා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස ගුවන්තොටුපලෙන් පිට කිරිමට ගෙන යමින් සිටි ගුවන්තොටුපළ සේවකයකු අද (22) අත්අඩංගුවට ගත් බව  වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය.

රේගුව බාරයට ගත් රන් බිස්කට්වල වටිනාකම රුපියල් කෝටි 4ක් සහ ස්වර්ණාභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 10 ක් වේ.

සැකකරු මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් ගෙනයාම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් වූ අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු 26 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි.

තරුණයා තම දෙකකුල්වල  බත් කෙණ්ඩ ප්‍රදේශවල පාර්සල් 5 ක් ලෙස සකස් කර සුදු පැහැති ගම් ටේප් යොදා අලවා ගෙන තිබිණි.

එහි ග්‍රෑම් 100 බැගින් බර වූ රන් බිස්කට් 40 ක් සහ කිලෝ ග්‍රෑම් 1 යි , ග්‍රෑම්  400 ක් බර ස්වර්ණාභරණ තොගයක් ද තිබූ බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේය.



අදහස් (10)

රන් බිස්කට් - ස්වර්ණාභරණ ගුවන් තොටෙන් පිට කරන්න ගිය සේවකයා දැලේ

රවින් Tuesday, 22 October 2019 08:14 AM

පළපුරුදු හොරෙක්නම් ඇයි තව තවත් ගුවන් තොටුපල වැනි සංවේදී ස්ථානවල තියාගන්නේ? දේශපාලුවෙකුගේ අත කොළුවක්වත්ද? වහාම ක්‍රියාත්මක වනපරිදි ස්ථාන මාරුවක් හා තදින්ම නිතිය ක්‍රියාත්මක කරන්න.

:       0       78

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 22 October 2019 08:18 AM

මේ සේවකයා මීට පෙර අවස්ථා දෙකකදීද මේ ආකාරයට රත්තරන් ගුවන් තොටුපළෙන් පිට කිරීම සම්බන්ධයෙන් රේගු අත්අඩංගුවට පත් කෙනෙක් නම් අැයි සේවයෙන් ඉවත් නොකොට තියා ගෙන ඉන්නේ? දෙවතාවක් අත්අඩංගුවට ගත්තේ නම් කී වතාවක් අසු නොවී පිට කරලා ඇත්ද ?

:       0       56

Kumar (Gulf)Tuesday, 22 October 2019 10:24 AM

දේශපාලකයෙක්ගේ හෙන්චයියෙක් වෙන්න ඕනේ......

:       0       6

mihira Tuesday, 22 October 2019 08:25 AM

ඕකේ ඉන්න ගොඩක් අය ඔහොම තමයි. ඔය පොඩි අය එක්කෙනෙක් දෙන්නෙක් අල්ලලා සංදර්ශන දාන්නේ. කෝ දැන් ඔය අල්ලන බඩු?

:       6       55

Shan Tuesday, 22 October 2019 08:32 AM

ඔතන ඉන්න ඔක්කොම හොරු...

:       0       41

arschfikaaTuesday, 22 October 2019 08:42 AM

ලංකාවේ රේගුව කියන්නේ හොරකම් කරන ගුහාවක් ශාන්.

:       2       69

Shantha Qatar Tuesday, 22 October 2019 09:27 AM

සම්පූර්න ඇත්ත. මම නිතරම ගුවන්තොටුපළ හරහා යන එන කෙනෙක්. මෙහෙ ඉන්න ඇතැම් අය හිතන්නේ ලංකාවෙන් ඕනෙම දෙයක් පහසුවෙන් පන්නන්න පුලුවන් කියලා. විශේෂයෙන්ම ඉන්දීය ජාතිකයන්.

:       1       18

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 22 October 2019 12:52 PM

රේගුවේ වැඩ කරන කට්ටියගේ ගෙවල් වලට ගිහින් බලන්න. ඒවා ගෙවල් නොව මාලිගා. රත්තරන් බිස්කට් 40 ක් ඇල්ලුවොත් 35 ක් පෙන්නන්න පුළුවන්. කවුද බලාගෙන ඉන්නේ?

:       0       0

Jayantha Tuesday, 22 October 2019 09:16 AM

ලංකාවේ රේගුව කියන්නේ හොර කපිතාන්ලා ඉන්න තැනක්. ලංකාවේ රජයේ සේවය හොර ගුහාවක්. අපි දේශපාලකයන්ට විතරක් හොරු කියලා වැඩක් නැහැ.

:       1       36

hemantha Tuesday, 22 October 2019 11:38 AM

ඔතන හොර ගුහාවක්! බැංකුව කොල්ල කාපු එවුන්ගේ ගෝල බාලයෝ තමයි මේ. කාට කියන්නද මේ දුක, ඔබ හැර, කෙහෙල් කොලේ බත් කන ජනපති!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 406 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 565 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 233 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site