(ටී.කේ.ජී.කපිල )
අර්ධ වශයෙන් වැඩ නිම කළ ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව රේගුව පවසයි.
මොහු කොළඹ , වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු ඊයේ (19 ) දින රාත්‍රී 11.30 ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 307 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යමින් සිටියදී , ඔහුගේ ගමන් මල්ලේ සඟවා ගෙන තිබූ මෙම ස්වර්ණාභරණ තොගය සොයාගෙන රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .
එහි රුපියල් හැට නව ලක්ෂයක් වටිනා , කිලෝ ග්‍රෑම් 01 යි , ග්‍රෑම් 150 ක් බර අර්ධ වශයෙන් වැඩ නිම කළ මෙම මාල තොගයක් තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය .
මෙම රන් තොගය තොගය රාජසන්තක කර , මෙම ව්‍යාපාරිකයාට රුපියල් ලක්ෂ පහක දඩ මුදලක් ගෙවන ලෙස ද නියෝග කර තිබේ .

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රන් අාභරණ සමඟ අයෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට