(තරිඳු ජයවර්ධන)
රනිල් වික්‍රමසිංහ මහතා අද 11.16 ට අග්‍රමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
ඒ මහතා මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණ තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍ය මණ්ඩලය ද මේ වන විට සකස් කර අවසන් බව ද එම ආරංචි මාර්ග පවසයි.
වික්‍රමසිංහ මහතා අගමැතිවරයකු ලෙස ජනාධිපතිවරයකු ඉදිරියේ දිවුරුම් දෙන්නේ පස් වැනි වතාවට බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
COMMENTS
එතකොට ජනාධිපතිතුමා ඉල්ලා අස්වෙනවද ? එහෙම නැතිනම් ලැජ්ජා නැතිකම ජනාධිපති කමටත් වඩා ලොකුයි කියන එක ඔප්පු වෙන්න අරිනවද ?
රටේ සංවර්ධනය ඇතිකර රටේ දියුණුව සැළසීමට අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැකිවේවා..
කාටවත් ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැහැ.
ජනාධිපති ඉල්ලා අස්වෙයිද. රටේ ජනතාව ජනාධිපති කියන කිසි දෙයක් පිළිගන්නේ නැති තත්ත්වෙකට පත්වෙනවා මේ වගේ දේවලින්.
රටට වෙච්ච අපරාධයක්.... ජනතා මතයට පයින් ගසා මැතිවරණය අවලංගු කර මොහුව අගමැති කරවීම සාමාන්‍ය පුරවැසියෙක් වශයෙන් හෙලා දකිමි.
අපේ සුභපැතුම්.!
ජනාධිපති කාර්යාලෙට ගිහින් පැයක් ඇතුළත වැඩ ටික ඉවර කරලා පිටවුණොත් හොඳයි. ඉන් පස්සේ එතන හිස් වෙනවනේ...