IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි

(අංජුල මහික වීරරත්න)

කොරෝනා වෛරසයේ අඛණ්ඩ විකෘති වීම් හමුවේ සෞඛ්‍ය පද්ධති සහ රාජ්‍ය මූල්‍ය මත ඇති වන පීඩනය නිසා ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අබුඩාබියේ පැවති ඉන්දියන් සාගර සමුළුව අමතමින් අද (5)පැවසීය.

කොවිඩ් 19 වසංගතය නිසා ඇති වූ විනාශය කලාපීය දේශගුණික විපර්යාස වල අහිතකර බලපෑම් මගින් සංකීර්ණ වී ඉදිරි වසරේ ආහාර හිඟයක් ඇති වනු ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීය.

කොරෝනා වසංගතය නිසා සමස්ත ගෝලීය ආර්ථික බලපෑම් අඛණ්ඩව ඉහළ යනු ඇති බව කී වික්‍රමසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සකස් කළ ඇස්තමේන්තුවට අනුව බොහෝ රටවල ඒක පුද්ගල ආදායම වසර කිහිපයක් තිස්සේ වසංගතයට පෙර පැවති තත්ත්වයට වඩා පහළින් පවතිනු ඇති බව ද කීය.

ණය ගැනීම් සඳහා අඩු ඉඩක් ලැබීම, ණය මට්ටම් ඉහළ යාම, ආදායම තියුනු ලෙස අඩු වීම සහ මුදල් අව ප්‍රමාණය වීම මෙන්ම එක්සත් ජනපද පොලී අනුපාත ඉහල යාම ආර්ථිකයන්හි ණය බරට තව දුරටත් පීඩනයක් එකතු කරනු ඇති බව ද හිටපු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. පරිසරය,ආර්ථිකය,වසංගතය ''යන තේමාවෙන් අබුඩාබි නුවර දී පැවැති මෙවර සමුළුවෙි දී ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කෙරිණි.

රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා ඔහු එම ධුරය හෙබවීය.



අදහස් (5)

රනිල් ඉන්දියන් සාගර සමුළුව අමතයි

Raveendra Sunday, 05 December 2021 09:28 PM

මම අනිත් පට්ටියේ වෙලත් මට ආරාධනා කළේ නැත්තේ ඇයි මුන් ටික...? ඇයි ඇම්ඩන්ට විතරක් ආරාධනා කලේ..?මේ අය දන්නැද්ද මම සියල්ල දත් කියලවත්...? වරෙල්ලකෝ මම පට්ටියේ බලය ගත්තම සර් සර් කියාගෙන දෙන්නම් ඔක්කෝටම ඇට්ටි හැලෙන්න...

:       0       0

HJJ Sunday, 05 December 2021 10:32 PM

ඉන්දියන් සාගරය මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කදිම මාර්ගයකි

:       0       0

Demuni Uduwara Sunday, 05 December 2021 11:33 PM

මේ කතාව ගැන රජය නිසි අවධානය යොමු කළ යුතුයි.

:       0       0

Chandima Monday, 06 December 2021 01:01 AM

එතනත් රනිල් පුම්බලා තියලා තියෙන්නේ නේද.ඇති දෙයක් නෑ

:       0       0

Chathuri Monday, 06 December 2021 01:50 AM

තමන් ගේ රට වල පල්ලට දාලා අනිත් රටවලුත් කන්න යනවා .මේ වගේ උන් කතා කරන කොට අපේ රටට කරපු විනාශය රූප රාමු වලින් පෙන්නන්න ඕනේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site