IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


රනිල් ඇතුළු 16 කට දේශපාලන පළිගැනීම් ජනපති කොමිසමේ පෙනීසිටින්නැයි නොතීසි

(දසුන් රාජපක්ෂ) 
 
දිවිනැගුම හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ලකට අදාළව වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 16 දෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා  පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා අවසන් වරට අද (7) නොතීසි නිකුත් කළේය.
 
එදින මෙම කොමිසම හමුවේ පෙනී නොසිටින වග උත්තරකරුවන්ට එරෙහිව කොමිසමට හිමිවී තිබෙන බලතල අනුව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා සඳහන් කළේය.
 
කිත්සිරි රණවක මහතා කර ඇති පැමිණිල්ල මගින් හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර ,රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම යන මහත්වරුන් හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, එම්.ඒ සුමන්තිරන් සහ ජනාධිපති නීතිඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න, ජේ.සී වැලිඅමුණ යන මහත්වරු ඇතුළු දාහත් දෙනෙකු වගඋත්තරකරුවෝ ලෙස නම් කොට සිටිති.
 
මෙම පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු වන අනුර කුමාර දිසානායක මහතා කොමිසම හමුවේ පෙනී සිටි අතර අනෙක් වගඋත්තරකරුවන් නීතිඥවරු  මාර්ගයෙන් කොමිසමට නොපැමිණීමට හේතු දක්වා සිටියහ.
 
ඒ කෙරෙහි අවධානය යොමු කළ කොමිසමේ සභාපති උපාලි අබේරත්න මහතා වගඋත්තරකරුවන් දිගින් දිගටම කොමිසම මග හැර සිටින බව අවධාරණය කරමින් ඔවුන්ට ලබන 19 වැනි දින පෙනී සිටීමට නොතීසි නිකුත් කළේය.



අදහස් (0)

රනිල් ඇතුළු 16 කට දේශපාලන පළිගැනීම් ජනපති කොමිසමේ පෙනීසිටින්නැයි නොතීසි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site