IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


රනිල්ගේ පෙත්සමට දින නියම වෙයි

(රන්ජන් කටුගම්පොල සහ නිමන්ති රණසිංහ)

තමන්ට එරෙහිව දේශපාලන පළිගැනීම් පිළිබද ජනාධිපති කොමිසමින් කර ඇති නිර්දේශයන් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගොනුකර තිබූ රිට් පෙත්සම ලබන මාර්තු මස 08 වැනිදා කැඳවිමට අභියාචනාධිකරණය අද (02) නියෝග කළේය.

මෙහි ලේඛණ තවමත් තමන්ට ලැබී නොමැති බව නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ චායා නම්මුණී මහත්මිය කළ දැනුම් දීමෙන් අනතුරුව අභියාචනාධිකරය මෙම නියෝග නිකුත් කළේය.

නිශ්ශංක බන්දුල කරුණාරත්න, ඩී. එම්. සමරකෝන් සහ ලෆාර් තාහීර් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද (02) යළි කැදවිණී.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න, ජනාධිපති නිතීඥ ජේ. සී. වැලිඅමුණ යන මහත්වරුන් විසින් ගොනු කරනු ලැබ ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් දේශපාලන පලිගැනීම් පිළිබද සොයා බලන ජනාධිපති කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා, හිටපු අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රසිරි ජයතිලක, හිටපු පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු මහතා ඇතුලු පිරිසක් නම් කරනු ලැබ ඇත.



අදහස් (1)

රනිල්ගේ පෙත්සමට දින නියම වෙයි

Sanka Wednesday, 02 March 2022 04:49 PM

UNPය නැත්තට නැතිකරලා මෙයාගේ බූදලයක් වගේ තියාගෙන ඉන්නවාට අපිට බැරිද මෙයාට විරුද්ධව නඩුවක් දාන්න...?

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site