(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයට හිමි ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත්කරන බවට මැතිවරණ කොමිසමට අද (16) දැනුම් දුන් බව පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සහ එජාප ජ්‍යෙෂ්ඨයන්ගේ ඒකමතික තීරණය වූයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී අසුන නියෝජනය කළ යුතුය යන්න බව කී මහලකම්වරයා ලබන පාර්ලිමේන්තු සතියේදී එජාප නායකයා පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇති බවද සඳහන් කළේය.
ලබන අඟහරුවාදා( 22 )පාර්ලිමේන්තුව යළි රැස්වීමට නියමිත අතර 23 වැනිදා රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දිය යුතු බවට පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සාකච්ඡා කොට ඇතැයිද රංගෙ බණ්ඩාර මහතා සඳහන් කළේය
(ඡායාරූප: ශාන්ත රත්නායක)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැජ්ජා නැතිකමත් අගමැති කමට වඩා ලොකුයිලු...
එක්සත් ජාතික පක්ෂයේ නායකයාගේ නව බලාපොරුත්තු තරුණයන්ට අවස්තාව දෙන්න ඕන බව. ඒ අනුව මේ තරුණ සහ ඉතා ලාබාල මන්ත්‍රීගේ පත්වීම හොඳ ආදර්ශයක්.
මේ මනුස්සයා මිනිස් වර්ගයටම නින්දාවක්...